අනුරපුර යුගයට අයත් චිත්‍ර වෙස්සගිිය,මිහින්තලය,සීගිරිය, රුවන්වැලිසෑය වාහල්කඩ, මිහින්තලේ මහියංගණ ධාතු ගර්භය ආදි ස්ථාන වලින් දැකිය හැකිය.මීට අමතරව අම්බලන්තොට කරඹගල ලෙනෙහිද මේ යුගයේ චිත්‍ර දැකිය හැකිය.එහි චිත්‍ර අතර පහත සඳහන් අවස්ථා දැකිය හැක.
- අප්සරා මුහුණක් හා අවානක කොටසක්
- සත්වයෝ පිටව යන ආකාරය
- බෝසත් රූපයක මුහුණක කොටසක්
- වළාකුළු පෙළක්
- ආසන
- අශ්ව පා සටහන්
- පළස් පා සටහන්
අනුරාධපුර යුගයේ සිතුවම් කලාවේ දීප්තිමත් අවස්ථාව ඉක්බිතිව යෙදේ. මීට රුවන්වැලි සෑයේ චිත්‍ර හා වාහල්කඩ චිත්‍ර, මිරිසවැටි වාහල්කඩ චිත්‍ර,සීගිරි චිත්‍ර,හිඳගල චිත්‍ර, මිහින්තලේ චිත්‍ර හා මහියංගන ධාතුගර්භ චිත්‍ර හා වෙස්සගරිියේ චිත්‍ර ගැනේ.
පොලොන්නරු යුගයේ චිත්‍ර
පොලොන්නරු යුගයේ ප්‍රසිද්ධ වැදගත් චත ඇත්තේ තිවංක පිළිමගේය එහි ඇති චිත්‍ර පහත සදහන් පරිදි කැටි කළ හැකිය
- මුග පංඛ ජාතකය
- චුල්ල පදූම ජාතකය
- මෛතිබල ජාතකය
- බුදු රදුන් සංකප්ප පුර වැඩීම
- සසඳාවත
- දේව රූප
- බුදුරුව
මුග පංඛ ජාතකය
බෝසත් රුව මනාව සිතුවම්කෙට ඇත කුමරෙකු අසුන් බැදි රියක සුසාන භුමිය වෙත ගෙන යන අයුරු පෙනෙ ශෛලිගත ලෙස ගස් කොලන් දක්වා ඇත
චුල්ල පදුම මුග පංඛ ජාතකය
රජු තෙදවත්ත අසුන් ගෙන සිටි සෙබල ප්‍රධානියකු කඩුවක් ගෙන සිටි තවත් සෙබලෙක් ස්තියක් ගෙන එය ස්ති රූපය බයාදු ගතියක් පෙන්වයි වර්ණ කිහිපයක් යොදා ගෙන ඇත දේශීය බව පෙන්වයි
මෛතිබල ජාතකය
යක් රූප මැදි කොට ගත් රජ රුවක යකෙක් රජුට ඡත්‍රයක් අල්ලා සිටි යක් රූප
වල මහත බඩ විසිරුනු හිස කෙස් එළියට ආ දත් මිටි තරබාරු ගතිය පිළිබිඹු කරවයි
බුදු රදුන් සංකප්ප පුර වැඩීම
උඩින් මුතු කුඩයකි බුදුරදුන් ඉණි මගකින් බසින ආකාරයක් දක්වා ඇත
බුදුරුව
උෂ්ණීෂය සහිතව හිස වටා රැස් වළල්ලක් ඇත දකුණු පැත්තෙන් ඉන්ද්‍ර දෙවියා කුඩයක් අල්ලාගෙන සිටි සිවුර විනිවිද පෙනෙන ලෙස ඇඳ ඇත
සසඳාවත
සදෙහි හාවා අඳින අයුරු ඇඳ ඇත නරි,දියකඩ,බඳුර ,හාවා සිතුවම් කොට ඇත
ඇඳුම් පැළදුම් ආභරණ නිරුපණයේ හසලත්වයක් දරය හිස් වෙළුම් විචිත්‍රයඉතා සියුම් මෝස්තර වලින් ගහණය මුහුණු පියකරුය විවිධ හැඩ සහිත මුහුණු ඇඳීමේ හැකියාවක් ඇති බව පෙනේ අජන්තා සම්ප්‍රදාය අවසන් වරට දක්නටලැඛෙන්නේ පොලොන්නරු තිවංක පිළිම ගෙයිනරතු,කහ,කොළ,යොදාගෙන ඇත ටෙම්පරා ක්‍රමය අනුගමනය කොට ඇත රතු පාටින් බාහිර රේඛා මනා ලෙස හසුරුවා ඇත
මහනුවර යුගයේ චිත්‍ර
16 වන සියවසේ සිට 18 වන සියවස දක්වා කාලය මහනුවර යුගයයි එම යුගයට අයත් සිතුවම් විශේෂ ලක්ෂණ කීපයක් හිමි කර ගනි මෙම යුගයට අයත් බිතුසිතුවම් විශේෂ ලක්ෂණ කීපයක් හිමිකර ගනී මෙම යුගයට අයත් බිතුසිතුවම් දක්නට ඇති ස්ථාන පහත සඳහන් වේ
• දෙගල්දොරුව
• මැදවල
• දළදා මාළිගාව
• සූරියගොඩ විහාරය
• බඹරගල
• දනගිරිගල
• ලංකාතිලකය
• තල්වත්ත පුරාණ විහාරය යන විහාරස්ථානය
ඊටත් අමතරව මහනුවරින් බැහැරව තිබෙන දඹුල්ල"රීදී විහාරය"කැළණිය"තොටගමුව"යන විහාරස්ථාන වල සිතුවම්ද ඒ යුගයට අයත් වේ කැළණියේ කොටසක් චිත්‍ර වර්තමානයේ ඇ ඒවාය
මහනුවර යුගයේ බිතුසිතුවම් වල විශේෂ ලක්ෂණ
ජාතක කථා බදූසිරිත සුවිසීවිවරණ සත් සතිය මේ චිත්‍රය සදහා වස්තු විෂය වී ඇත. ජාතක කථා ඇදීම අතින් දෙගල් දොරුව මැදවලටැම්පිට විහාරය ඉතා වැදගත් වි ලංකා තිලකය හා බඹරගල සූවිසීවරණය හා සත් සතියට වැදගත් වෙ.
මහනුවර ශිල්පීය මිනිස් රූප ඇදීමෙන් ශරීර අවයවයන් හි වෘත්තාකාර බව මාංශ පේෂීන්ගේ කියාත්මක බව දක්වා නැත. පැතලි අයුරින් වර්ණ යෙදූහ සිටගත් රූප වල ශරීරය ඉදිරියට හෝ බාගයක් ඇලේයට හැරී සිට දෙපා පැත්තෙන් පෙනෙන අයුරු නිරුපණය කොට ඇත. මිසර කලාවිද මෙම ලකෂණ දැකිය හැකිය. නෙත් ඉදිරියෙන් පෙනෙන සේ දක්වා ඇත. සියලූම රූප එකම තලයක ඇද ඇත. ශාක දැක්විමෙදි කඳ සුදූ වරණයෙන්ද ,ලතාවකට සිටින සේ ඇද ඇත. වස්ත්‍ර සුදූ පාට වේ. එහි කැටයම පරිදි නිමවා ඇත. නායකයාට මුල්තැනක් දී ඇත්තේ ආභරණ වලින් මදක් විශාල කොට ඇදීමෙන. පරිමාණිය බව සලකා නැත නිවාස" මාළිගා" ශාක" ගංගා" දක්වන්නේ මනෝමය ශෛලියකින. ශාක ඇදීමෙදි ස්වභාවකත්වය ඉක්මවය සෑම කොළයක්ම වෙන වෙනම ඇද ඇත.
ගොඩක් වටිනවා..දිගටම කරගෙන යන්න..සුබ පතනව මම..අහ් බොහෝම ස්තූතියි..
ReplyDeleteThank uou... watina wAdak.. Chithra dha yodhaa Athnam thawath watinaakama wAdiyi...
ReplyDeleteබොහෝ වටිනා ලිපි පෙළක්. ඔබේ වෙහෙසට සුභ පතනවා. ඉදිරියට පවත්වාගෙන යන්න ආශිර්වාද කරනවා. මම රුවන්
ReplyDeleteThank you.
ReplyDelete