මහනුවර සම්ප්‍රදායයේ සිතුවම් තුළින් කුළු ගැන්වෙන තේමාවන්
සිත්තරකු සතු සිතුවම්කරණ කුසලතාවයේ ප්‍රබල අවිය තේමා භාවිතයයි.තමා ඇඳීමට
අරමුණු කොට ගන්නේ කුමක් ද එය ප්‍රේක්ෂකයා වෙත කෙසේ බලපාන්නේ ද යන්න
සිත්තරා විසින් විමසා බලනු ලබන්නේ තේමාව පදනම් කොට ගනිමින්ය.
තේමාවක් යොදා ගනිමින් සිතුවම්කරණයෙහි යෙදීම තුළ කිසියම් නිශ්චිත දිශාවක් ඔස්සේ සිත්තරා ගමන් කරනු ලබයි.එය කිසියම් අනුභූතියක් මත ගොඩ නැගුණක් බවට පත් වේ.තේමා භාවිතය සමඟ සිත්තරා යම් ලෙසින් සිය නිදහස් හස්තය සීමා කිරීමකට ලක්කරනු ලැබුව ද ඒ ඔස්සේ තේමාවට අදාල විනය පවත්වා ගැනීමත් උචිතෝන්නතියත් හුරුකර ගනී. මෙකී හේතු නිසාම සිත්තරෙකු තේමාවක් මත සිතුවම් ඇඳීම විශේෂයෙන් පුරුදු පුහුණු කළ යුතු අංගයක් බවට පත්වේ.එබැවින් තේමාව අධ්‍යයනය කර බැලීම සිතුවම් නැවත නැවත කිවයා බැලීමේ කාර්යයේ දී වඩා වැදගත් අංගයක් බවට පත් වේ.මේ මග යමින් මහනුවර සම්ප්‍රදායයේ සිතුවම් ඇඳීම තුළ සිත්තරා කුමන තේමාවන් යොදා ගන්නේ ද ඒ සඳහා කුමන හේතු බලපානු ලැබුවේ ද යන්න විමසා බැලීමක් සිදු කළ යුතුව ඇත. දහ අට වැනි හා දහ නව වැනි සියවස් දෙක අතර කාලය තුළ සිතුවමට ලක් වූ අනුභූතීන් බෞද්ධ තේමාවන් මත පිහිටා අඳිනු ලැබුවක් බව කීම සාවද්‍ය නොවනු ඇත.මහනුවර සම්ප්‍රදායයේ සිතුවම් කලාව පිළිබඳව දීර්ඝ පර්යේෂණයක නියැලීමෙන් අනතුරුව සෝමතිලකයන් මේ යුගයේ සිතුවම් හි තේමාවන් ප්‍රධාන කරුණු පහක් ඔස්සේ පෙළ ගස්වයි.
සම්භාව්‍ය සම්ප්‍රදායය මත නොසිට ස්වාධීන මඟක යමින් ඔවුන් තෝරා ගනු ලැබූ තේමාවන් එකළ සමාජය තුළ කිසියම් ලෙසින් සම්භාවිත වූ සංකල්පයන් සංකේතවත් කරනු ලබයි. එබැවින් සිත්තරුන් සිතුවම් සඳහා තේමාවන් තෝරා ගැනීමේ දී පැවති සමාජ ක්‍රමයට අනුකූල වන පරිදි සිය තෝරා ගැනීම් සිදු කළ බව පෙනේ.එවැනි සමාජ සංකේත උකහා ගැනීමට සිත්තරා ගත් වෑයම තුළ ජාතක කථා කෙරෙහි ඇත්තේ වඩා වැඩි නැඹුරුතාවයකි. මෙය අනුරාධපුර යුගයේ පටන් පැවත එන ක්‍රමයක් ලෙස විකාශනය වුව ද එහි උත්කෘෂ්ට අවධියට පත් වීමේ භාග්‍යය මහනුවර යුගය විසින් සාකල්යයෙන්ම අත්කර ගනී.
සිතුවම්කරණය තුළ සිත්තරා පන්සිය පනහක් වූ සමස්ත ජාතක කථා තුළින් තෝරා ගන්නා ලද කථා තේමාවන් පමණක් සිතුවමට නැග ඇති බැව් පෙනේ. පොදුවේ ගත් කළ මේ යුගයේ සිතුවම් අතර දැක්වෙන ජාතක කථා ලෙස
වෙස්සන්තර,දහම්සොඩ,දේවධර්ම,මණිචෝර,කට්ඨාහරී,තේලපත්ත,සාම,කුස,වම්පෙය්‍ය,මහා කප්පිකන,චුල්ලධම්පාල,සස,විදුර,මච්චරිය කෝසීය,කස්සප පදමානවක,මහා පදුම,උරග,සුතසෝම,සත්තුභත්ත,විසයිහ,සිව්,චුල්ලධනුද්දර,ශීලව,ඛන්තිවාද,ඡජද්දන්ත,මහා ජනක ආදී ජාතක කථා දැක්විය හැකිය.
මහනුවර යුගයේ සිත්තරාගේ තෝරා ගැනීම ගත් විට ඉන් පෙර විසූ සිත්තරුන් භාවිත කළ කථා වස්තූන් වෙනුවට වෙනත් කථා වස්තු නිතර භාවිතා කර ඇති බැව් පෙනේ.එසේ තෝරා ගැනීම කළ හැකිතාක් දුරට ජනවිඥානය තුළ බලපෑමක් ඇති කිරීමට සමත් වෙස්සන්තර,චුල්ලධම්මපාල,සස,දේවධර්ම, ඛන්තිවාදී, තේලපත්ත, සාම, මණිචෝර,සුතසෝම ආදී කථා පොදු වශයෙන් යොදා ගෙන ඇත.
බෝධිසත්වයන් වහන්සේගේ දසපාරමිතා බලය වඩා උසස් ලෙසින් කියා පෑමට හැකි වන අයුරින් මෙම කථා ගොඩනැගී තිබීම මෙසේ නිතර භාවිතය සඳහා තෝරා ගැනීමට හේතු වූ බැව් පෙනේ.එසේම කථාවක් ලෙසින් විස්තරාත්මකව වර්ණනාකළ හැකි පරිදි සිද්ධින්ගෙන් යුතු කථා විශේෂයක් තෝරා ගැනීම උදෙසා මෙකල සිත්තරුන් සිය අවධානය ඉහත ජාතක කථා තෝරා ගන්නට ඇත.
ජාතක කතාවන් තුළ පමණක් සිර නොවී බුදුන් හා සම්බන්ධ වෙනත් අනුභූතීන් ද ඇඳීම මේ යුගය තුළ දක්නට ලැබේ.ඒ අනුව මාර පරාජය ලාංකේය සිතුවම් ඉතිහාසයේ සම්භාව්‍යයට ප්‍රතිපක්ෂ චූල සම්ප්‍රදායය යන ප්‍රවාදයන් දෙකෙහිම සම්භාවිත තේමාවකි.මාරපරාජය සිතුවම් කරණය ද මහනුවර යුගය තුළ කිසියම් ආවේණිකත්වයක් පෙන්නුම් කරන තරමට සාමාන්‍යකරණය වීම සුවිශේෂි වෙයි.එය හුදෙක් මාර පරාජය නැමැති ඓතිහාසික ගොඩනැගීමක දෘශ්‍ය රූපක පෙළක් පමණක් නොව කිසියම් ආගමික දේශපාලනික අර්ථයක් ගැබ්වී ඇත්තක් බවට සිදු කෙරෙන විමසුම ඉදිරි පරිච්ඡේදය තුළින් ඉදිරිපත් කෙරෙනු ඇත.

- බුදුන්වහන්සේගේ පූර්ව ආත්ම භවයන් විස්තර කෙරෙතැයි සලකන ජාතක කතා,සුවිසි විවරණ හා දස පාරමිතා ඇතුලත් සිතුවම්.
- බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා මාර පරාජය,සත් සතිය,නාළාගිරි දමනය,බුද්ධ චරිතය සම්බන්ධයෙන් පටාචාරා,මච්චරිය කෝසිය කථාව, සෝරේය කථාව,මහා කස්පින ජාතකය,නන්දියවත,තෙරසරණ ආදී විශේෂ අවස්ථා.
- අටමස්ථාන,සොළොස්මස්ථාන ඊට සම්බන්ධ රාජකීය පෙැළැන්ති දායකයින්,විහාර අනුග්‍රහකයින්,සුප්‍රකට තෙරවරු,ශ්‍රක්‍ර,උපුල්වන්,සමන් හා නාථ දෙවිවරු.
- නව ග්‍රහ මණ්ඩලය,රාශි චක්‍රය,නැකැත් විසිහත,විසිඅට අපාය පිළිබඳ විශ්වාස නිරූපිත විත්‍ර.
- අලංකාරික මල් ලියවැල් රටා
සම්භාව්‍ය සම්ප්‍රදායය මත නොසිට ස්වාධීන මඟක යමින් ඔවුන් තෝරා ගනු ලැබූ තේමාවන් එකළ සමාජය තුළ කිසියම් ලෙසින් සම්භාවිත වූ සංකල්පයන් සංකේතවත් කරනු ලබයි. එබැවින් සිත්තරුන් සිතුවම් සඳහා තේමාවන් තෝරා ගැනීමේ දී පැවති සමාජ ක්‍රමයට අනුකූල වන පරිදි සිය තෝරා ගැනීම් සිදු කළ බව පෙනේ.එවැනි සමාජ සංකේත උකහා ගැනීමට සිත්තරා ගත් වෑයම තුළ ජාතක කථා කෙරෙහි ඇත්තේ වඩා වැඩි නැඹුරුතාවයකි. මෙය අනුරාධපුර යුගයේ පටන් පැවත එන ක්‍රමයක් ලෙස විකාශනය වුව ද එහි උත්කෘෂ්ට අවධියට පත් වීමේ භාග්‍යය මහනුවර යුගය විසින් සාකල්යයෙන්ම අත්කර ගනී.
සිතුවම්කරණය තුළ සිත්තරා පන්සිය පනහක් වූ සමස්ත ජාතක කථා තුළින් තෝරා ගන්නා ලද කථා තේමාවන් පමණක් සිතුවමට නැග ඇති බැව් පෙනේ. පොදුවේ ගත් කළ මේ යුගයේ සිතුවම් අතර දැක්වෙන ජාතක කථා ලෙස
වෙස්සන්තර,දහම්සොඩ,දේවධර්ම,මණිචෝර,කට්ඨාහරී,තේලපත්ත,සාම,කුස,වම්පෙය්‍ය,මහා කප්පිකන,චුල්ලධම්පාල,සස,විදුර,මච්චරිය කෝසීය,කස්සප පදමානවක,මහා පදුම,උරග,සුතසෝම,සත්තුභත්ත,විසයිහ,සිව්,චුල්ලධනුද්දර,ශීලව,ඛන්තිවාද,ඡජද්දන්ත,මහා ජනක ආදී ජාතක කථා දැක්විය හැකිය.
මහනුවර යුගයේ සිත්තරාගේ තෝරා ගැනීම ගත් විට ඉන් පෙර විසූ සිත්තරුන් භාවිත කළ කථා වස්තූන් වෙනුවට වෙනත් කථා වස්තු නිතර භාවිතා කර ඇති බැව් පෙනේ.එසේ තෝරා ගැනීම කළ හැකිතාක් දුරට ජනවිඥානය තුළ බලපෑමක් ඇති කිරීමට සමත් වෙස්සන්තර,චුල්ලධම්මපාල,සස,දේවධර්ම, ඛන්තිවාදී, තේලපත්ත, සාම, මණිචෝර,සුතසෝම ආදී කථා පොදු වශයෙන් යොදා ගෙන ඇත.
බෝධිසත්වයන් වහන්සේගේ දසපාරමිතා බලය වඩා උසස් ලෙසින් කියා පෑමට හැකි වන අයුරින් මෙම කථා ගොඩනැගී තිබීම මෙසේ නිතර භාවිතය සඳහා තෝරා ගැනීමට හේතු වූ බැව් පෙනේ.එසේම කථාවක් ලෙසින් විස්තරාත්මකව වර්ණනාකළ හැකි පරිදි සිද්ධින්ගෙන් යුතු කථා විශේෂයක් තෝරා ගැනීම උදෙසා මෙකල සිත්තරුන් සිය අවධානය ඉහත ජාතක කථා තෝරා ගන්නට ඇත.
ජාතක කතාවන් තුළ පමණක් සිර නොවී බුදුන් හා සම්බන්ධ වෙනත් අනුභූතීන් ද ඇඳීම මේ යුගය තුළ දක්නට ලැබේ.ඒ අනුව මාර පරාජය ලාංකේය සිතුවම් ඉතිහාසයේ සම්භාව්‍යයට ප්‍රතිපක්ෂ චූල සම්ප්‍රදායය යන ප්‍රවාදයන් දෙකෙහිම සම්භාවිත තේමාවකි.මාරපරාජය සිතුවම් කරණය ද මහනුවර යුගය තුළ කිසියම් ආවේණිකත්වයක් පෙන්නුම් කරන තරමට සාමාන්‍යකරණය වීම සුවිශේෂි වෙයි.එය හුදෙක් මාර පරාජය නැමැති ඓතිහාසික ගොඩනැගීමක දෘශ්‍ය රූපක පෙළක් පමණක් නොව කිසියම් ආගමික දේශපාලනික අර්ථයක් ගැබ්වී ඇත්තක් බවට සිදු කෙරෙන විමසුම ඉදිරි පරිච්ඡේදය තුළින් ඉදිරිපත් කෙරෙනු ඇත.
No comments:
Post a Comment