Wednesday, December 21, 2016

අනුරාධපුර යුගයේ සිතුවම් කලාව

    අනුරාධපුර යුගයේ සිතුවම් කලාව
           අනුරපුර යුගයට අයත් චිත්‍ර වෙස්සගිිය,මිහින්තලය,සීගිරිය, රුවන්වැලිසෑය වාහල්කඩ, මිහින්තලේ මහියංගණ ධාතු ගර්භය ආදි ස්ථාන වලින් දැකිය හැකිය.මීට අමතරව අම්බලන්තොට කරඹගල ලෙනෙහිද මේ යුගයේ චිත්‍ර දැකිය හැකිය.එහි චිත්‍ර අතර පහත සඳහන් අවස්ථා දැකිය හැක.
  •     අප්සරා මුහුණක් හා අවානක කොටසක්
  •     සත්වයෝ පිටව යන ආකාරය
  •     බෝසත් රූපයක මුහුණක කොටසක්
  •    වළාකුළු පෙළක්
  •     ආසන
  •     අශ්ව පා සටහන්
  •     පළස් පා සටහන්
මීට අමතරව කොරවක් ගල් ලෙනෙහි හංස පන්තියක් නෙළුම් මල් මුවින් ගෙන යන ආකාරය සිතුවම් කොට ඇත. මෙම ලෙන් චිත්‍ර ක්‍රි.වර්ෂයට පෙර ඇඳ ඇතැයිද,එසේම අජන්තා චිත්‍රවලට පෙර ඇඳ ඇතැයිද පුරාවිදු මතයයි.එබැවින් කරඹගල ලෙනේ හා කොරවක් ගල් ලෙනේ සිතුවම් අනුරාධපුර යුගයේ ප්‍රාථමික අවස්ථාෙවි සිතුවම් ලෙස පෙන්වා දිය හැකය.
          අනුරාධපුර යුගයේ සිතුවම් කලාවේ දීප්තිමත් අවස්ථාව ඉක්බිතිව යෙදේ. මීට රුවන්වැලි සෑයේ චිත්‍ර හා වාහල්කඩ චිත්‍ර, මිරිසවැටි වාහල්කඩ චිත්‍ර,සීගිරි චිත්‍ර,හිඳගල චිත්‍ර, මිහින්තලේ චිත්‍ර හා මහියංගන ධාතුගර්භ චිත්‍ර හා වෙස්සගරිියේ චිත්‍ර ගැනේ.

පොලොන්නරු යුගයේ චිත්‍ර
පොලොන්නරු යුගයේ ප්‍රසිද්ධ වැදගත් චත ඇත්තේ තිවංක පිළිමගේය එහි ඇති චිත්‍ර පහත සදහන් පරිදි කැටි කළ හැකිය 
  •  මුග පංඛ ජාතකය
  •  චුල්ල පදූම ජාතකය
  •  මෛති‍බල ජාතකය
  •  බුදු රදුන් සංකප්ප පුර වැඩීම
  •  සසඳාවත
  •  දේව රූප
  •  බුදුරුව
මුග පංඛ ජාතකය
බෝසත් රුව මනාව සිතුවම්කෙට ඇත කුමරෙකු අසුන් බැදි රියක සුසාන භුමිය වෙත ගෙන යන අයුරු පෙනෙ ශෛලිගත ලෙස ගස් කොලන් දක්වා ඇත
චුල්ල පදුම මුග පංඛ ජාතකය
රජු තෙදවත්ත අසුන් ගෙන සිටි සෙබල ප්‍රධානියකු කඩුවක් ගෙන සිටි තවත් සෙබලෙක් ස්ති‍යක් ගෙන එය ස්ති රූපය බයාදු ගතියක් පෙන්වයි වර්ණ කිහිපයක් යොදා ගෙන ඇත දේශීය බව පෙන්වයි
මෛතිබල ජාතකය 
යක් රූප මැදි කොට ගත් රජ රුවක යකෙක් රජුට ඡත්‍රයක් අල්ලා සිටි යක් රූප
වල මහත බඩ විසිරුනු හිස කෙස් එළියට ආ දත් මිටි තරබාරු ගතිය පිළිබිඹු කරවයි
බුදු රදුන් සංකප්ප පුර වැඩීම
උඩින් මුතු කුඩයකි බුදුරදුන් ඉණි මගකින් බසින ආකාරයක් දක්වා ඇත
බුදුරුව
උෂ්ණීෂය සහිතව හිස වටා රැස් වළල්ලක් ඇත දකුණු පැත්තෙන් ඉන්ද්‍ර දෙවියා කුඩයක් අල්ලාගෙන සිටි සිවුර විනිවිද පෙනෙන ලෙස ඇඳ ඇත
සසඳාවත
සදෙහි හාවා අඳින අයුරු ඇඳ ඇත නරි,දියකඩ,බඳුර ,හාවා සිතුවම් කොට ඇත 
ඇඳුම් පැළදුම් ආභරණ නිරුපණයේ හසලත්වයක් දරය හිස් වෙළුම් විචිත්‍රයඉතා සියුම් මෝස්තර වලින් ගහණය මුහුණු පියකරුය විවිධ හැඩ සහිත මුහුණු ඇඳීමේ හැකියාවක් ඇති බව පෙනේ අජන්තා සම්ප්‍රදාය අවසන් වරට දක්නටලැඛෙන්නේ පොලොන්නරු තිවංක පිළිම ගෙයිනරතු,කහ,කොළ,යොදාගෙන ඇත ටෙම්පරා ක්‍රමය අනුගමනය කොට ඇත රතු පාටින් බාහිර රේඛා මනා ලෙස හසුරුවා ඇත

මහනුවර යුගයේ චිත්‍ර

16 වන සියවසේ සිට 18 වන සියවස දක්වා කාලය මහනුවර යුගයයි එම යුගයට අයත් සිතුවම් විශේෂ ලක්ෂණ කීපයක් හිමි කර ගනි මෙම යුගයට අයත් බිතුසිතුවම් විශේෂ ලක්ෂණ කීපයක් හිමිකර ගනී මෙම යුගයට අයත් බිතුසිතුවම් දක්නට ඇති ස්ථාන පහත සඳහන් වේ 

• දෙගල්දොරුව
• මැදවල
• දළදා මාළිගාව
• සූරියගොඩ විහාරය
• බඹරගල
• දනගිරිගල
• ලංකාතිලකය
• තල්වත්ත පුරාණ විහාරය යන විහාරස්ථානය
ඊටත් අමතරව මහනුවරින් බැහැරව තිබෙන දඹුල්ල"රීදී විහාරය"කැළණිය"තොටගමුව"යන විහාරස්ථාන වල සිතුවම්ද ඒ යුගයට අයත් වේ කැළණියේ කොටසක් චිත්‍ර වර්තමානයේ ඇ ඒවාය 

මහනුවර යුගයේ බිතුසිතුවම් වල විශේෂ ලක්ෂණ 

  ජාතක කථා බදූසිරිත සුවිසීවිවරණ සත් සතිය මේ චිත්‍රය සදහා වස්තු විෂය වී ඇත. ජාතක කථා ඇදීම අතින් දෙගල් දොරුව මැදවලටැම්පිට විහාරය ඉතා වැදගත් වි ලංකා තිලකය හා බඹරගල සූවිසීවරණය හා සත් සතියට වැදගත් වෙ.
මහනුවර ශිල්පීය මිනිස් රූප ඇදීමෙන් ශරීර අවයවයන් හි වෘත්තාකාර බව මාංශ පේෂීන්ගේ කි‍යාත්මක බව දක්වා නැත. පැතලි අයුරින් වර්ණ යෙදූහ සිටගත් රූප වල ශරීරය ඉදිරියට හෝ බාගයක් ඇලේයට හැරී සිට දෙපා පැත්තෙන් පෙනෙන අයුරු නිරුපණය කොට ඇත. මිසර කලාවිද මෙම ලකෂණ දැකිය හැකිය. නෙත් ඉදිරියෙන් පෙනෙන සේ දක්වා ඇත. සියලූම රූප එකම තලයක ඇද ඇත. ශාක දැක්විමෙදි කඳ සුදූ වරණයෙන්ද ,ලතාවකට සිටින සේ ඇද ඇත. වස්ත්‍ර සුදූ පාට වේ. එහි කැටයම පරිදි නිමවා ඇත. නායකයාට මුල්තැනක් දී ඇත්තේ ආභරණ වලින් මදක් විශාල කොට ඇදීමෙන. පරිමාණිය බව සලකා නැත නිවාස" මාළිගා" ශාක" ගංගා" දක්වන්නේ මනෝමය ශෛලියකින. ශාක ඇදීමෙදි ස්වභාවකත්වය ඉක්මවය සෑම කොළයක්ම වෙන වෙනම ඇද ඇත. 

අනුරාධපුර යුගයේ සිතුවම්

අනුරාධපුර යුගයේ සිතුවම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය 
මෙරට පැරණි අවධියේ චිත්‍ර කලාව කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මූලාශ්‍ර ගත තොරතුරු වලට විශේෂ ස්ථානයක් හිමි වේ. මහාවංශයේ එන තොරතුරු අනුව ක්‍රි.පූ. තුන්වෙනි ශත වර්ෂයේ පමණ චිත්‍ර කලාවක් පිළිබඳ සඳහන් වේ. මෙය ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි බවට විශ්වාස කරනු ලැබේ.[1]
දුටුගැමුණු රජ සමයෙහි මහාථූපයේ ධාතු ගර්භයේ බිත්තිවල බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා නිරූපිත සිතුවම් වූ බවට මහාවංශය හා ථූපවංසය කරුණු දක්වයි. මේ සිතුවම් අතර සත්සතිය, පරිනිර්වාණය, වෙස්සන්තර ජාතකය හා තුසිත දිව්‍ය ලෝකය වැනි දෑ නිරූපණය කොට ඇත. මේ අතර ලෝහ ප්‍රාසාදය සඳහා සැලසුම සපයන ලද්දේ භිකෂූන් වහන්සේ විසිනි. රහතන් වහන්සේලා භරණි, නම් දෙවි දුවකගේ මා හැඟි විමානයක් දැක එය හිඟ දෑලෙන් වස්ත්‍රයක් ඇඳගෙන රජුට ඉදිරිපත්කළ බව කියවේ. (මහාවංශය, 27 පරි, 18 ගාථාව) භිකෂූන් වහන්සේ චිත්‍ර කලාවේ හුරුවක් ලද කෙනෙකු බවත් එකල චිත්‍ර වස්ත්‍ර, හෙවත් රෙදි පින්තාරු ක්‍රමය තිබූ බවත් අපට මෙයින් සිතා ගත හැකිය.
මේ අතර මහාබෝධි වංශයෙහි ද පැරණි චිත්‍ර කලාව සම්බන්ධිත කරුණු ඇතතුලත් වේ. දිවයිනට මහාබෝධිය වැඩම කරන විට සූවිසි වැදෑරුම් පිරිසක් ද ඒ සමඟම පැමිණ තිබේ. එම පිරිස අතර සිටි සිත්තර කුලයක් ගැන ද කරුණු හෙළි වී තිබේ. සිත්තරුන් යනු ඇදීම, ඇඹීම හා නෙලීම යන ශිල්පයන් ප්‍රගුණ කල අය වේ. (බෝධිවංශයේ කියවෙන චිත්‍රකාර කුල, සිත්තර කුලේහි, වැනි යෙදුම් වලින් කියවෙන්නේ ද චිත්‍ර කලාව සම්බන්ධ පිරිසක් ගැන විය හැකිය.(සෝමතිලක, 2005, 18)
දිවයිනේ පැරණි බිතු සිතුවම් කලාව ගැන පාහියන් ගේ දේශාටන වාර්තාවන්හි ද සඳහන් වී ඇත. එහි අභයගිරි විහාරය හා සම්බන්ධ ධාතු ප්‍රදර්ශනයේ දී මග දෙපස තබා තිබුණු ජාතක කතා චිත්‍ර පුවරු ගැන සඳහන් වේ. මීට අමතරව, (එකොළොස් වැනි ශතවර්ෂයට අයත් බෝධිවංස ගැටපදයේ සලක කලා ගාන්ධර්ව චිත්ර කර්මාදී සූසැට කලායෙහි (සෝමතිලක, 2005, 19)
අභිලේඛන මූලාශ්‍ර සැලකීමේ දී මිලච්චිය කොරළයේ බිල්ලවහලින් ලැබුණු බ්‍රාහ්මීය ලිපියක චිතකරදය නම් ශිල්පියෙකු ගැන කියවේ. මින් චිත්‍ර ශිල්පය දත්ත යන අර්ථය ජනිත කරවයි. එසේ රුවන්වැලි සෑ පුවරු ලිපියෙහි ද විහාර රකෂාවේ සිටු වුන් අතර සිත්තරුන් පිළිබඳව සඳහනක් වේ.
මේ අනුව මූලාශ්‍රමය සාධක මෙන්ම අභිලේඛන සාධක මගින් ද ඉතා පැරණි අවධියේ පටන් චිත්‍රකලාව පැවති බැව් පෙනේ. අනුරාධපුර යුගයේ චිත්‍ර කලාව සම්බන්ධයෙන් විමසීමේ දී කැරඹගල, සීගිරි, හිඳගල, ගොනාගොල්ල, මිහින්තලය හා මහියංගනය යන ස්ථාන වල ශේෂවී ඇති බිතුසිතුවම් සුවිශේෂි වේ.

කාරඹලෙන සිතුවම්

අනුරාධපුරයට අයත් බිතුසිතුවම් කලාවක් මෙයින් පෙන්නුම් කෙරේ. රිදීගම ප්රදේශයේ කාරඹලෙන පිහිටා ඇත. මේ සිතුවම් නිර්මාණයට පෙර බදාමයක් ගසා ඒ මත සිතුවම්, රතු රේඛා ඇඳ සිතුවම් නිර්මාණය කර තිඛෙන අතර, මෙම අගනා සිතුවම් ලෙන පිළිබඳව බුද්ධඝෝෂ හිමි රචිත විසුද්ධි මාර්ගයේ ද සඳහන් කර ඇත. එය කුරුන්දක ලෙන, ලෙසින් හඳුන්වා දී ඇත. මෙහි බෝධිසත්වරු සත් නමකගේ අභිනිෂ්ක්‍රමණය සිතුවම් කොට ඇත.
කුරුණ්ඩක ලෙනෙ කිර සන්තන්නං බුද්ධාන අභිනික්ඛම චිත්ත කම්මං මනෝරමා අහොසි, (විසුද්ධි මග්ග - සීලනිද්දෙස)
මේ සිතුවම පිළිබඳ ආචාර්ය මංජු ශ්‍රි මහතාගේ අදහස වන්නේ 2 වන සියවසට කාරඹගල සිතුවම් අයත් බවයි. මේ ලෙනේ ඇඳි සිතුවම් රේඛා තරමක් ඝනකමකින් යුතු වේ. කළු හා අඳුරුඅ පැහැයෙන් යුතු රේඛා දක්නට ලැබේ. වලාකුළින් තැන තැන මතු වූ අශ්ව අඩි කැබලි හා අසුන්ගේ පිට මත දැමූ පලස් සටහන් ද, බෝධිසත්ව රූපයක මුහුණු කොටස් හා අප්සරාවකගේ මුහුණක් ද දක්නට ලැබේ.

සිතුල්පව්ව සිතුවම්

දකුණු පළාතේ පිහිටා ඇති ලංකාව පුරාම ඉතා ජනප්‍රිිය භාවයට පත් වූ පූජනීය ස්ථානයකි. මෙය මහාවංසයෙහි චිත්තල පබ්බත, නමින් හඳුන්වා දෙයි. මේ විහාරය, මහා සිතුල් පව්ව, කුඩා සිතුල් පව්ව, කොරවක්ගගල ආදියේ සිතුවම් දක්නට ලැබේ. කොරවග්ගල ලෙන තුළ ඝන බදාමයක් මතු රතු රේඛාවෙන් ඇඳි නෙළුම් මල් කටින් ගත් හංස රූප පෙළක් දක්නට ලැබේ. වාහල්කඩ ලෙනෙහි කොළ, කහ, රතු වර්ණ කොටස් වන අතර දණ්ඩක් අතින් ගත්, කනේ තෝඩු පැළදි හා කරෙහි මාල බැඳි වාමන රූපයක්, මලක මිනිස් මුහුණකින් අලංකාර කුරුල්ලෙකු ගේ රුවක් ද, ඒ පකෂියා වටා ලිය වැලක් ද, අලංකාර නෙළුම් මල් මෝස්තර ද වේ. මහ ලෙන් විහාර ලෙනේ කටාරම උඩ කොටසේ බුද්ධ රූපයක කොටස්, මුව හිසක්, හංස රූප පෙළක් දක්නට ලැබේ. වාහල්කඩ ලෙනෙහි සිතුවම් කරනු ලැබූ පකෂියා පිළිබඳව බොහෝ මතවාදයක් මතු වී ඇත. මංජු ශ්‍රි මහතාගේ අදහස අනුව මෙය ආටානාටිය සූත්‍රයේ එන දණ්ඩ මානවක පකෂියා, වේ.

වෙස්සගිරි බිතු සිතුවම්

අනුරාධපුර යුගයේ පැරණි අවධියට අයත් සිතුවම් කලාවක් මෙහි දක්නට ලැබේ. මෙහි සිතුවම් තට්ටු දෙකක් දක්නට ලැබීම විශේෂ කරුණකි. පළමු තට්ටුවේ සිතුවම් බොහොමයක් විනාශයට පත්වී ඇත. දෙවන තට්ටුවේ සිතුවම් නිල්-කහ-කළු වර්ණවලින් අලංකාර කොට ඇත. එහි දේව රූප කීපයක්ම දක්නට ලැබේ. නෙළුම් මලක් අතින් ගත් කාන්තාවකගේ රූපය ද වාඩි වී සිටින දේව රූපයක් ද වේ.
ඉන වට කොළ පැහැයෙන් යුත් වස්ත්ර ඇඳ තිබේ. ඇඳි දෝතියේ නරුං ඉදිරියට මනාව නෙරා ඇති ආකාරය දක්නට ලැබේ. වම් අතින් යම් දෙයක් අල්ලා ගෙන සිටින ආකාරයෙන් දකුණත ආසනයට තබා ගෙන සිටී, (‍ප්‍රේමරත්න, 2007, 32)
මේ අතරම මිනිස් රූප සමූහයක් ද, ලියවැල්, මල් පාත්තරයක් ද අඟල් 80 ක් පමණ උස දේව රූපයක් ද සිතුවම් අතර වේ. මේ අතර මිසර කලා සම්ප්රදායට යමින් ඇඳ දම්, කොළ පැහැයෙන් යුතු මානෙල් මල් සමූහයක් ද වීම සුවිශේෂී වේ. මේ සිතුවම් වල වර්ණ රටාවක් දක්නට ලැබේ.

සීගිරි බිතු සිතුවම්

අනුරාධපුර යුගයේ හමුවන විශිෂAටතම ගණයේ සිතුවම් හමුවන්නේ සීගිරියෙනි. මධ්යම පළාතට අයත් මාතලේ දිස්ත්රික්කයේ ඉනාමලූව කෝරළයේ පිහිටි සීගිරිය ක්රි.පූ. දෙවන සියවස තරම් පැරණි අවධියකට දිව යයි. නමුත් මෙය වඩා ජනප්රිය වන්නේ කාශ්යප රජුගේ කාලයේ දීය. (478-496)
අඩි 1132 ක් උසැති සීගිරි පර්වතයේ අව් වැසි ආදියෙන් හොඳින් ආවරණය වූ තැනෙක සිතුවම් කරන ලද පර්වත පෘෂAඨය මත මේවා ඇඳ තිබේ. කැටපත් පවුරේ ගී කිහිපයකම සඳහන් වන ආකාරයට මේ චිත්ර ගැලරියෙහි චිත්ර 500 ක් පමණ විය. එහි ඒ තරම් චිත්ර ප්රමාණයක් තිබුණේ නම් ලොව ලෝකයේ එවැනි චිත්ර ගැලරියක් තිබූ එකම ස්ථානය සීගිරිය යි.
මේ චිත්‍ර කාශ්‍යප රජු විසින් අඳින ලද බව පරණවිතානගේ මතය යි. ඔහු එය අභයගිරියේ බුද්ධමිත්‍ර තෙරුන් විසින් ලියන ලදැයි සැලකෙන ශ්‍රමන දූත කාව්‍ය ඔස්සේ පෙන්නුම් කරයි. නමුත් හත්වන ශත වර්ෂයේ අගභාගය වන තෙක් ලියූ කවි වල චිත්ර සම්බන්ධව කරුණු නොදැක්වෙයි. මේ නිසා මේ චිත්‍ර සීගිරිය බැලීමට ගිය භිකෂූන් විසින් අඳින ලද්දක් බවද පිළිගත හැකිය. එයින් දැනට ඉතිරිව ඇත්තේ චිත්‍ර 21 ක් පමණි. අටවන සියවස පමණ වන විට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද සීගිරිය නැරඹීමට පැමිණ තිබේ.
රතු, කොළ, කහ යන ප්‍රධාන වර්ණ තුනෙන් මෙය ඇඳ තිබේ. මේ රූප වල තනි හා යුගල වශයෙන් නිරූපිත ස්ත්‍රි රූප වලින් යුතු වේ. මේ රූපවල ඉඟටියෙන් පහළ කොටස දක්නට නොලැබේ. එය වළාකුළකින් කැඩී යන පරිදි සිතුවම් කොට ඇත. සීගිරි පද්යයකට අනුව වීණාවක් අතින් ගත් ලදකගේ රුවක් ගැන කියවුණත් දැනට ඉතිරිව ඇති සිතුවම් තුළ සිතුවමක් දක්නට නොලැබේ. සිගිරි චිත්රයන්හි රතු පැහැයෙන් අඳින ලද බාහිර සටහනෙහි කහ, දුඹුරු, හා කොළ යන වර්ණය ආලේප කිරීමෙන් වර්ණ පූර්ණ කළ බව පෙනේ. මේ චිත්‍රවල වර්ණ සංකලනයේ දී නිල් පැහැය භාවිත නොකිරීම විශේෂ ලකෂණයකි. ඔවුන්ගේ අත් නිරූපණය කරන ආකාරය ඛෙහෙවින් තාත්වික වේ. පරණවිතාන මතයට අනුව නිත්ය වශයෙන්ම අනුරාගී සිහින් ඉඟ පිරිපුන් පයෝධරයන්ගෙන් යුත් උත්කෘෂ්ඨ ස්ත්‍ර රූප ලෙස මේවා දැකිය හැක. ඉහත දැක්වෙන්නේ එසේ වූ යුගල කාන්තා රූපයකි.
කාන්තාවගේ ශාරීරික සුන්දරත්වය මෙසේ තාත්විකත්වය රකිමින් මනාව ව්‍යවඡේද විද්‍යාව අනුව නිර්මාණය කර ඇත. මෙහිදී පියයුරුවල විශාලත්වය හා තද බව, ඉන් ඇතිවන ආකර්ෂණය තව දුරටත් නාභිය හා උදරයේ රැලි වැනි සජීවි හැසිරීම් ද ඇඳුම් පැළඳුම් ආදිය මෙහිදී වඩා වැදගත් වේ. මෙහි කාන්තා ආදර්ශ රූ තුනක් පෙන්නුම් කරයි. වඩා තරුණ, මැදිවියේ හා මැදිවිය පසුකළ ලෙසින් ය. ශිල්ප ක්‍රම භාවිතයේ දී,
රූප භේද, ප්‍රමාණ, භාව, ලාවණ්‍යයෝස්න, වර්ණිකාභංග හා සාදෘශ්‍යකරණය යන ශීල්ප ක්‍රම හයම මේ චිත්‍ර නිර්මාණයේ දී භාවිතා කර තිබේ. ගල් බිත්තියේ සිදුරු දහයියා මිශ්‍ර මැටි බදාම අතරා චිත්‍ර භූමිය ද එය මත සියුම් හුණු බදාම එලා චිත්‍ර වාහකයන් ද තනාගෙන තිබේ. චිත්‍ර ඇඳ ඇත්තේ මේ වාහකය මතය , (චන්ද්‍රා වික්‍රමගමගේ, 2005, 33)
මේ සිතුවම් ක්‍රමය ටෙම්පරා ක්‍රමය ලෙසින් සලකනු ලබයි. සීගිරි චිත්‍රවල වස්තු විෂය පිළිබඳ මතවාද රාශියක් වේ. මේ අතුරින් පරණවිතාන, නන්දදේව වි‍ජේසේකර, ලෝහෙර්ටිස් ආදීන් එය අදහස් දක්වා ඇත.මෙහි ප්‍රසිද්ධම මතය වන්නේ පරණවිතානයන්ගේ මෙම මනුෂ්‍ය ස්ත්‍රි රූ සටහන් නොවන අතර මේඝලතා හා විජ්ජුලතාවන්ගේ රූ සටහන් බවයි. මීට අමතරව කාශ්‍යප රජුගේ රාජ සභා මණ්ඩපයේ සිටි ලඳුන් පිරිසකි, පිදුරංගල විහාරය වන්දනාවේ යන කාශ්‍යපගේ කාන්තාවන් පිරිසකි, කාෂ්‍යපගේ වියෝව නිසා රාජ සභාවේ සිදු වූ වැලපීමක් නිරූපිත වන්නකි. දිව්‍ය භවනක අප්සරාවන් පිරිසකි. උත්සව වල යෙදී සිිටින කාන්තා පිරිසකි. මහායාන අදහස් පිළිබිඹු කරන චිත්ර සටහන් රැසක් ලෙසින් විවිධ මතයන් වේ.
මේ අතුරින් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් අනුරපුර යුගයේ ප්‍රභූ ලඳුන්ට සමාන කර ඇත. නමුත් මොවුන් දිව්‍යාප්සරාවන් බවට සැකයක් නැත. මේ අදහස ආනන්ද කුමාරස්වාමි, හෝකාට් මහාචාර්ය සේනක බණ්ඩාරනායක, මහාචාර්ය ඇල්බට් ධර්මසිරි යන මහත්වරු සනාථ කරයි. මේ සිතුවම්වල යටි කොටස වළාපටලයකින් වැසී තිබීම ඊට හොඳම නිදසුන ලෙස ඔවුහු පෙන්වා දෙති.
සීගිරි චිත්‍ර අජන්තා චිත්‍රවලට සමාන ලෙසින් මතයක් පවතී. යොදාගත් වර්ණවල හා ශිල්පක්‍රම වල තිබූ සමාන බව නිසා ඇති වූවකි. නමුත් ශෛලිය අතින් සීගිරි චිත්‍ර අජන්තා සිතුවම් හා සැසෙඳන්නේ නැත. මේවා අභයගිරි කලා සම්ප්‍රදායට අයත් බව පිළිගත හැකි බවට මතයක් පවතී.

අනුරාධපුර අගභාගයේ දී හමුවන සිතුවම්[සංස්කරණය කරන්න]

මෙහිදී මිහින්තලා ධාතු ගර්භයේ ඇති සිතුවම් පිළිබඳව වඩා වැඩි අවධානය යොමු වේ. නමුත් කාල නිර්ණය සම්බන්ධයෙන් ගැටලූ මතු වී ඇති හිඳගල සිතුවම්, දිඹුලාගල පුල්ලිගල සිතුවම්, ගොනාගොල්ල සිතුවම් හා මහියංගන ධාතු ගර්භ සිතුවම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට අපේකෂිත ය.

හිඳගල සිතුවම්

මෑත කාලය වන විට හිඳගලින් හමුවන්නේ ඉතා සුළු සිතුවම් කොටස් පමණි. හොඳින් ආරකෂා වී තිබූ කාලයේ සත්සතියේ දී හමු සිදු වූ වැදගත් සිදුවීම් පිළිබඳව සඳහන් වේ. මේ සිතුවම් සීගිරි හා පොළොන්නරු කාලය අතරතුර අඳින ලද බවට පරණවිතාන හා ඛෙන්ජමින් රෝලන්ඩ් ගේ මතය යි. මේ සිතුවම් වල අජන්තා සිතුවම් වලට සමාන ශෛලියක් දක්නට ලැබේ. මෙහි නිරූපිත බුද්ධරූපවල මුහුණු සලකුණු සීගිරියේ සිතුවම් වලට සමාන වෙයි. මෙතෙක් ලංකාවේ හමු වී ඇති පැරණිම බුද්ධ චිත්‍රය හිඳගලින් හමු වේ.

ගොනාගොල්ල සිතුවම්

අම්පාර අසල ගල්ඔය නිම්නයේ ගොනාගොල්ලෙන් සොයාගත් සිතුවම් මීට අයත් වේ. මෙහි ගල් පර්වතයක බටහිරින් යොදන ලද බදාම තට්ටුවක් මත ඇඳ ඇති සිතුවමෙහි ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ රූප සටහන් වේ. පිරිමි රුවෙන් බෝධිසත්වයෙක් පෙන්නුම් කරන බවට මතයක් පවතී. ස්ත්‍රි රූපය පුරුෂ රූපයට බුහුමනින් වඳින අභිනයක් පෙන්වා සිටියි.

දිඹුලාගල පුල්ලිගොඩ ලෙන

මෙහි ශේෂ වී ඇති එක් චිත්‍රයක හිසවටා යෙදුණු රැස් වළල්ලක්ද එසේ වන කණ්ඩායමක් පලසක් මත වාඩිගෙන සිටිනු පෙනේ. අඩි පහක් පමණ දිගට තිඛෙන මේ සිතුවමෙන් දේවතාරූප පහක් දිස්වෙතැයි සිතේ. පරණවිතානයන්ගේ මතයට අනුව බුදුන්ට වැඳුම් පිදුම් කරන දෙවියන්ගේ සිතුවමක් මෙහි අර්ථය වේ. එක් රූපයක් අත මල්දමක් වේ. අන් අය දෑගිලි බැඳ සිටිති. මෙය බණ අසන විලාශයක් දක්වයි. උඩුකය හා මාල, වළලූ, වැනි පළඳනාවන් හොඳින් සැරසිලි කොට ඇත. වර්ණ යෙදීමේ දී සුදු පාට, රතු පාට හා ලා කොළ පැහැය ද යොදාගෙන ඇත.

මිහින්තලාවේ බිතු සිතුවම

Dambulla 16.jpg
මිහින්තලා භූමියේ කණ්ඨක චෛත්‍යයට වම් පසින් වූ ස්ථූපයක මෙසේ සිතුවම් හමු වී ඇත. මේ සිතුවම් චෛත්‍යය ගර්භයෙහි බදාම පිරියම් කරනලද බිත්ති පෘෂ්ඨය මත ජීවමාන තරමේ කළ ඒවා වේ. මේ ශරීර වල දණහිසින් පහළ කොටස් ගැලවී වැටී ඇත. සිවුරු වල කොටස් සිතුවම් වල වන්දනාමාන කරන හා පැමිණෙන දේවරූප සමූහයක් වේ. එම ගර්භයේ බිත්ති කහ වර්ණ වන අතර නෙළුම් මල් අතින් ගත් දේව රූප හා වන්දනා කරන දේවරූප මෙහි වේ. ශරීරවල පහළ කොටස් වලාකුළින් වැසී යන සේ ඇඳ ඇත. වර්ණ ලෙසින් රතු, කළු යන වර්ණ භාවිතා කර ඇත. ඒ චිත්‍රවල රේඛා දැක්වීම සඳහා ය. චිත්ර වර්ණ නොකළ බව පෙනේ.

මහියංගනයේ සිතුවම

මහියංගන දා ගැඛෙහි ධාතු ගර්භයේ බදාම පිරියම් කරන ලද බිත්ති පෘෂ්ඨ මත මෙසේ සිතුවම් ඇඳ ඇත. මේ සිතුවම් අතර බුද්ධත්වයට පත්වීම හා විෂ්ණු රූපයක් දක්නට ලැබේ. බුද්ධත්වයට පත්වන සිතුවමේ බෝධි වෘකෂයට පිට දී රශ්මි මාලාවෙන් බුදුන් හිඳ සිටී. දෙවි බඹුන් යයි සැලකෙන පරිවාර රූප කිහිපයක් ද නිරූපණය කොට තිබේ. විෂ්ණු රුව අතින් මල් වට්ටියක් ගෙන ඇති ලෙස සිතුවම් කර ඇත. රේඛාකරණය පිළිබඳ ඇති උසස් නිර්මාණ ශක්තිය මේ සිතුවම් වලින් කැපී පෙනේ. වර්ණ යොදා ගැනීමේ දී සියුම් අඳුරා කිරීමක් දක්නට ඇති අතර රතු, කළු, කහ හා සුදු ප්‍රධාන වර්ණ ලෙසින් යොදාගෙන ඇත.
අනුරාධපුර යුගයේ සිතුවම් පිළිබඳව කරුණු සැලකීමේ දී බොහෝ දුරට මේවායේ සම්මත වර්ණ කීපයක් පැවති බවත්, රේඛාමය චිත්‍ර ඇඳීම සුලභ බවත් පෙනේ. වර්ණ සඳහා නිතරම ස්වභාවික ද්‍රව්‍ය යොදාගත් බවට සාකෂිත් පවතී.

Tuesday, December 13, 2016

බෞද්ධ චිත්‍ර

ආදිම බෞද්ධ චිත්‍ර

අනුරාධපුර යුගයේ මුල් යුගයේ සිතුවම් දැනට විද්‍යමාන නොවීම මත පුරාවිද්‍යාත්මක සාධක මත පදනම් වී එකල චිත්‍ර කලාව පිළිබද විමසීම දුෂ්කර වේ. නමුත් බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් විමසීමේදී බෞද්ධ භික්ෂුන් වහන්සේද බෞද්ධ කලා ශිල්ප පෝෂණය කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් සිදු කර තිබේ. චුල්ල වග්ගයේ සේනාසනක්ඛන්දයේ දැක්වෙන පරිදි භික්ෂු ආරාමයන්හි සුදු පාට හා ගුරු පාට වර්ණ ආලේප කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බව පෙනී යයි. බෞද්ධ චිත්‍ර කලාවේ මුල් අවස්ථා මෙම වර්ණ භාවිතය තුළ දැකිය හැකිය. මෙසේ වර්ණාලේපිත ඔපමට්ටම් කළ බිත්ති මත මල්කම් ලියකම් ආදී ස්වභාවික දර්ශන සිතුවම් කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. ථේර ගාථා අටුවාව අනුව බිම්බිසාර රජු විසින් බුද්ධ චරිතාපදානය සිතුවමට නඟා තම මිතුරකුට යැවූ බව සදහන් වේ. ජාතක තථා තුළද සිතුවම් කලාව පිළිබදව විස්තර සදහන් බව කුස ජාතකය ආදිය මගින් පෙනී යයි. මෙවැනි සිතුවම් කලාවන් මහින්දාගමනයත් සමගම ලංකාවට දායාද කොට ලැබිණි. සංඝමිත්තා තෙරණියගේ දේහය ආදාහනය කරන ලද්දේ ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි චිත්‍ර ශාලාව ආසන්නයේ බව මහා වංශයේ සඳහන් වේ. මෙය බොහෝවිට චිත්‍ර සඳහා වෙන්කළ ගොඩනැගිල්ලක් විය හැක. ලෝවාමහාපාය තැනීම පිළිබද විස්තර කරනු ලබන වංශය තුළ රහතන් වහන්සේ විසින් දේව විමානයක් හිදැගුලෙන් වස්ත්‍රයක ඇඳ රජුට ඉදිරිපත් කළ බව දක්වයි. පස්වන සියවසේ බුද්ධඝෝෂ අටුවාචාරින් විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ගයෙහි කුරණ්ඩක ලෙනෙහි සත්බුදුවරුන්ගේ අභිණිෂ්ක්‍රමණය සිතුවම් කර තිබු බවත් එය ඉතාම මනරම් බවත් සඳහන් වේ.

සීගිරි බිතු සිතුවම්[

Sigiriya2.jpg
ලංකාවේඇති පැරණිම සිතුවම් ලෙස පස්වන සියවසට අයත් සීගිරි චිත්‍ර හදුන්වනු ලැබේ. මල් ලියකම් සහිත අලංකාර ශීර්ෂාභරණයෙන් සැරසුන හිස් ඇති විවිධ ඉරියව් වලින් යුත් උඩුකය පමනක් දැක්වෙන නාරි රූප මෙම චිත්‍ර මගින් දැක්වේ. කාශ්‍යප රජුගේ බිසෝවරු හා සේවිකාවන් පිදුරංගල විහාරයට මල් පූජාව සඳහා යන අයුරු මෙම චිත්‍ර මගින් නිරූපනය කරන බවද ඔවුන් අප්සරාවන් බවද ඔවුන් විජ්ජුලතා හා මේඝලතා නිරූපනය කරන බවටද විවිධ මත පළ වී ඇත. මෙම සිතුවම් දඹදිව අජන්තා විහාරයේ බෞද්ධ සිතුවම් ගුරු කොට ගෙන නිර්මාණය කර ඇති බවටද මතයක් පල වී ඇත. දැනට සිතුවම් 21ක් පමණක් දක්නට ලැබුණද එහි සිතුවම් පන්සිය ගණනක් තිබූබව සීගිරි කුරුටු ගී ඇසුරෙන් පෙනි යයි. සිරුරේ ව්‍යුහය පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව මෙම චිත්‍ර නිර්මාණය කර ඇති බව පෙනි යයි. රටේ වෙනත් කිසිදු ස්ථානයකින් මෙතරම් ලාලිත්‍යකින් යුත් සුන්දර සිතුවම් හමු වී නැත. චිත්‍ර ඇදීම සඳහා ගල්තලය පිළියෙල කර ඇත්තේ මැටි,කිරිමැටි,දහයියා හා කොහුබත් වලින් සකස් කර ගෙන ඇති මිශ්‍රනයක් ආලේප කිරීමෙනි. ඒ මත සුදු හුණු ගා පිරිමැද රතු පැහැයෙන් ආකෘති ඇද තිබේ. ඉන් පසු කහ,රතු හා කොළ වර්ණ යොදා චිත්‍ර සම්පූර්ණ කර ඇත. ශරීරයේ හා අඟපසග වල හැඩය පෙනෙන පරිද්දෙන් රේඛා භාවිතා කර තිබේ. විශේෂයෙන්ම අත් ඇගිලි නිරෑපනය කිරීමේදි ඉතා සියුම් ලෙස රේඛා හසුරුවා ඇත. සිහිනිඟ හා පියයුරු වලින් මෙම චිත්‍ර වලට වඩාත් සජීවි බවක් ලැබී ඇත.

හිඳගල චිත්‍ර]

Hindagala.jpg
සීගිරි චිත්‍ර සම්ප්‍රදාය ගුරු කරගත් චිත්‍ර මහනුවර ආසන්නයේ හිඳගල විහාරයේ දක්නට ඇත. ක්‍රි.ව. 7 වන සියවසට අයත් මෙම චිත්‍ර දැන් මැකී ගොස් තිබේ. සීගිරි සිතුවම් වලටත් වඩා ප්‍රාණවත් බවක් රේඛා භාවිතය තුළින් මෙම චිත්‍රවලට ලැබී ඇත. මිනිස් රූප නොයෙක් ඉරියව් වලින් දැක්මට මෙම සිත්තරා සමත් වී ඇත.මිහින්තලේ දාගැබක දාතු ගර්භය තුළින් හමුවු දේවතාවන් වළාකුළු වලින් මතු වන අයුරු දැක්වෙන සිතුවමද සීගිරි චිත්‍රවල ලක්ෂන දරා ඇත. ආකෘතික රේඛා පමණක් දක්ණට ඇති මෙම චිත්‍ර 8 වන සියවසට අයත්ය.

පොළොන්නරු යුගයේ බිතු සිතුවම්

පොළොන්නරු යුගයේ චිත්‍ර කලාව ඉතා දියුණු තත්වයක තිබුණු බවටත් රජ මාළිගා හා සරස්වතී මණ්ඩපය සිතුවම් වලින් අලංකාර කර තිබුබවත් චූලවංශයේ සඳහන් වේ. පොළොන්නරු යුගයේ පැරණිම චිත්‍ර 1වන විජයබාහු රජ සමයට අයත් වන අතර එය මහියංගනය ථූපයේ ධාතු ගර්භයෙන් හමු වී තිබේ. රේඛා වලින් රූප සටහන් ඇඳ වර්ණ සංයෝජනය කර ඇති මෙම චිත්‍ර මගින් අනුරාධපුර යුගයේ චිත්‍ර ශිල්පය අඛන්ඩව පොළොන්නරු යුගයට පැමිණි බව සනාථ කරයි. මාර පරාජය පිළිබදව තේමා කොට ඇති මෙම චිත්‍ර පැහැදිළි රේඛා භාවිතය මගින් උසස් ස්ථනයක් ලබා ගෙන තිබේ. සීගිරි චිත්‍ර සිහිගන්වන සුළු මනහර රේඛා භාවිතයකින් දෙවිවරුන්ගේ සිරුරු නිර්මාණය කර ඇති අතර රතු,කළු,කහ හා සුදු වර්ණ වලින් නිමා කර ඇති මෙම චිත්‍ර උසස් සෞන්දර්යකින් යුක්ත වේ. දිඹුලාගල විහාරයේ චිත්‍රද පොළොන්නරු යුගයේ චිත්‍ර අතර වැදගත් තැනක් හිමිකර ගනී.මේ චිත්‍ර අතර සස ජාතකය, දේවදත්ත තෙරුන් ආශ්‍රිත කථා පුවත්ද දැකිය හැකි අතර ඒවා දැන් මැකී යමින් පවතී. දිඹුලාගල පර්වතය ආශ්‍රිත පුල්ලිගොඩ පර්වත කුහරයක ඇති සිතුවම්,පොළොන්නරුව ගල් විහාරයේ හා ලංකාතිලක විහාරයේ ශේෂ වී ඇති සිතුවම්ද පොළොන්නරු යුගයේ චිත්‍ර කලාවේ සුවිශේෂි ලක්ෂණ පිළිබඹු කරයි.

මහියංගන විහාරයේ බිතු සිතුවම්

මෙම චිත්‍ර අතරින් විශාලම චිත්‍රය ලෙස සැළකිය හැක්කේ බුදුරදුන් බෝ මුල අබියස වැඩ සිටින ආකාරයත් ඒ අසළින් තාපස ලීලාවක් දක්වන අයෙකු වාඩි වී සිටින ආකාරයත් දැක්වෙන චිත්‍රයයි. බුද්ධත්වයට පත්වීම දැක්වෙන චිත්‍රයේ බුදුරදුන් වැද පුදා ගැණීමට තුන් ලොවින් පැමිණි දෙවියන්ද මල් අතින් ගත් විෂ්ණු දෙවියන්ද මාරයා පැරදී පලා යාමද දක්නට ලැබේ. චිත්‍රකරණය සඳහා යොදාගෙන ඇති වර්ණ අතර රතු, කහ, සුදු, දුඹුරු යන වර්ණ උපයෝගී කරගෙන ඇත. පොළෙන්නරු යුගයේ සාම්ප්‍රදායික රේඛා චිත්‍ර අතර පැරණිතම චිත්‍ර වශයෙන් මෙම චිත්‍ර හැදින්විය හැකිය. එකොළොස්වන ශත වර්ෂය තරම් පැරණි යුගයක කලා කරුවෙකුගේ තෙළිතුඩින් සිත්තම්ව මිනිස් ඇසට නොපෙනී වර්ෂ දහසකට නොඅඩු කාලයක් තැන්පත්ව තිබුණු මේ අග්‍රගණ්‍ය කලාකෘති මුළු ලොවටම ප්‍රදර්ශනය වන ආකාරයෙන් වර්තමානයේ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇත.

තිවංක පිළිම ගේ බිතු සිතුවම්

Thiwanka s.jpg
පොළොන්නරු යුගයේ විශාලතම චිත්‍රාවලිය තිවංක පිළිම ගෙය තුළ දක්නට ලැබේ.මෙහි ගන්ධකුටියේ ඇති චිත්‍ර විශාල වශයෙන් බුද්ධ චරිතය නිරූපනය කරන අතර අන්තරාලයේ සිතුවම් වලින් ජාතක කථා නිරූපණය කරයි. මට සිළිටු කළ වියළි බිත්ති මත රතු පැහැයෙන් චිත්‍රවල බාහිර රේඛා නිරූපනය කර ඇති අතර රතු,කහ හා කොළ වර්න යෙදා චිත්‍ර සම්පූර්ණ කර තිබේ. ගැලපෙන පරිදි රේඛා නැමීමෙන්ද, රේඛාවල මහත අඩුවැඩි කිරීමෙන්ද,කුඩා සිහින් ඉරි කැබලි යෙදීමෙන්ද සිතුවම්වල වටකුරු බව ලබාගෙන තිබේ. අජන්තා චිත්‍ර සම්ප්‍රදාය අඛන්ඩව ලංකාවේ 12 වන සියවස දක්වාම පැවති බව තිවංක පිළිම ගේ බිතු සිතුවම් මගින් පැහැදිළි වේ. බුදුහිමි දෙව්ලොව සිට සංකස්ස පුර වෙත වැඩම කිරීම,විශාලා මහනුවර තුන්බිය දුරලීමට වැඩම කිරීම පිළිබද සිතුවම් අදද පැහැදිලිව හදුනා ගත හැක. සංකස්ස පුරයට වැඩම කිරීම පිළිබද සිතුවම අජන්තා සිතුවම් වලට වඩාත් සමීප බවක් දක්වයි. අන්තරාලයේ සිතුවම් වලින් සස ජාතකය විදහා දැක්වෙන සිතුවම පැහැදිලිව හදුනා ගත හැක. හාවෙකුව උපන් බෝසතුන් සක් දෙවියන්ට තම ඇඟ මස් දන් දීම හා ඒ සිද්ධිය සිහි වීමට සඳ මත හාවෙකුගේ සිතුවමක් සිතුවම් කිරීම දැක්වෙන මෙම සිතුවමට අමතරව වෙස්සන්තර ජාතකය,ගුත්තිල ජාතකය,සාම ජාතකය,කුස ජාතකය,මහා උම්මග්ග ජාතකය, පිළිබිඹු කරන චිත්‍ර ද මේ සිතුවම් අතර දක්නට ඇත. ගර්භ ගෘහය හා අන්තරාලය අතර ඇති බෝසතාණන් වහන්සේට මිනිස් ලොව උපත සඳහා ආරාධනා කරනු ලබන චිත්‍රය මගින් විවිධ මුහුණු හැඩ ඇදීමේ නිපුණතාවය විදහා දක්වයි. මෙහි බෝධිසත්ව රූපය අජන්තා ගුහාවල එන "පද්මපාණී"බෝසත් රුවට යම් සමානත්වයක් දක්වන බව පෙනී යයි. එක් එක් පුද්ගලයන්ගේ ඇදුම්,ආභරණ නිරූපනය මහත් උනන්දුවකින් සිදුකර ඇති කලාකරුවා ඉතා සියුම් මෝස්තර නිරූපණය කිරීමට යොමු වී ඇත. අජන්තා චිත්‍ර සම්ප්‍රදාය අවසන් වරට දක්නට ලැබෙන පොළොන්නරු යුගයේ බිතු සිතුවම් ලොව කිසිදු චිත්‍ර සම්ප්‍රදායකට දෙවනි නොවේ.

මහනුවර යුගයේ බිතු සිතුවම්

පොළොන්නරු යුගයෙන් පසු දඹදෙණිය,යාපහුව,ගම්පොල, කෝට්ටේ,සීතාවක රාජධානි බිහි වූවත් ඒ යුගවල චිත්‍ර කලාව පිළිබදව අද වන විට කිසිදු සාධකයක් ඉතිරිව නොමැත. වරින් වර සිදු කරනු ලැබූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් ගඩලාදෙණිය,ලංකාතිලකය,දඹුල්ල,රිදීවිහාරය, කෝට්ටේ,කැලණිය වැනි කලා නිකේතන තුළ අද දක්නට ලැබෙන්නේ 16 වන සියවසෙන් පසුව අදින ලද සිතුවම්ය. මහනුවර රාජධානි සමයේ සිංහල රාජාවලියේ අවසන් රජු වන වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු විසින් දළදා මාළිගාවේ දෙමහල් පායක් සාදා ඊට ඇතුළු වන දොරටු චිත්‍ර මගින් අලංකාර කළ බවට සදහන් වූවත් අද වන විට එම චිත්‍ර දක්නට නැත. ඉන් පසු ශ්‍රී විජය රාජසිංහ රජ සමයේ උපසම්පදාව සමඟ සියම් රටෙන් පැමිණි ශාසනික ප්‍රබෝධය සමඟ උඩරට විහාරාරාම අලුත්වැඩියා කර ඒවා චිත්‍ර වලින් අලංකාර කර ඇත.කීර්ති ශ්‍රී රාජසිංහ රජ සම‍යේ ඇති වූ චිත්‍ර කලාවේ දියුණුව පිළිබඳ ශේෂ සටහන් දෙගල්දොරුව,දඹුල්ල,රිදීවිහාරය,කැලණිය(පරන විහාරය),තුළ අද ද දැකිය හැක. මහනුවර යුගයේ බිතු සිතුවම් ඉතා විශිෂ්ඨව සුරැකී දෙගල්දොරුව,රන්ගිරි දඹුලු විහාරය,රිදීවිහාරය තුල දක්නට ඇත.මෙම චිත්‍ර රැසක්ලෙන් තුළ සිතුවම් කර තිබීම මත ඒවා ස්වභාවිකවම ආරක්ෂා වී ඇත.

දෙගල්දොරුව විහාරයේ බිතු සිතුවම්

මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ලෙන්විහාරය තුළ ‍ශෛලමය බිත්ති මඟින් විහාර ගෘහය වෙන් කර තිබේ. ලෑලි වලින් සාදා ඇති සිවිලිම මත අලවන ලද රෙද්දක පළා පෙති,ජ්‍යාමිතික හැඩතල වලින් යුත් වියන් මෝස්තරය ඇඳ ඇත. විහාරයේ ඉදිරි බිත්තිය සම්පූර්ණයෙන්ම ජාතක කථා සිතුවම් වලට වෙන් වී තිබේ.බිත්තියේ තීරු වශයෙන් හෙවත් සිතියම් පටි ලෙස ජාතක කථා නිරූපනය කර තිබේ. අඛන්ඪ කථන ක්‍රමය හෙවත් කථා නායකයා කීප වරක් පුනපුනා පෙනෙන පරිදි එකම කථාවේ සිද්ධි කීපයක් එකට දැක්වීමේ ක්‍රමය මෙහිදී සිත්තරා අනුගමනය කර ඇත.නූතන චිත්‍රපටයක් මෙන් කථාව දිගටම දිග හැරෙන ලෙස වෙස්සන්තර ජාතකය, සීලව ජාතකය, සුතිසෝම ජාතකය හා සත්ත භුත්ත ජාතක කථා නිරූපනය කර තිබේ.වෙස්සන්තර ජාතකයේ චිත්‍ර පහත දැක්වෙන පරිදි නිරූපනය කර ඇත.

01. සිවි රට සඳ මහ රජානෝ රජ කරන වග.
02. බිහි වූ කෙනෙහි මවු දේවීන්ගෙන් දාන වස්තු ඉල්ලු වග.
03. රාජාභිෂේක කළ වග.
04. ඇලි ඇතා දන් දුන් වග.
05. වෙසතුරු රජානෝ දශරාජ ධර්මයෙන් රාජ්‍ය කළ වග.
06. හසුන් ගෙනවුත් සැල කළ වග.
07. සත්සතු මහදන් දුන් වග.
08. වංක ගිරියට වඩින්න අවසර ගත් වග.
09.අසුන් දන් දුන් වග.
10. දෙවියෝ රථය ඇදපු වග.
11. නැවත රථය දන් දුන් වග.
12.12. තිස් යොදුන් දුර ගෙවා චේතිය රට ජයතුරා නුවර ශාලාවට වැඩිය වග.
13. චේතිය රජ හට අමාත්‍යයන් සැල කල වග.
14. චේතිය රජු ඇතුලු දහසක් රජ්ජුරුවෝ සුලුවන ගෙවා ගොස් මහ වනයට පාර කියා වැඩිය වග.
15. ජූජකයාගේ අඹුව ළිදට ගොස් කලහ වූ වග.
16. දැසි දසුන් ගෙනෙන්නට යන වග.
17. වැදි මුදලියා විසින් විදින්නට තැනූ වග.
18. ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනා දන් දුන් වග.
19. අච්චුත තාපසයන් පාර කියූ වග.
20. මද්‍රී දේවී හඬා වැටුන වග.
21. දෙදෙනාම ඉසිවෙස් ගෙන පැවිදි වූ වග.
22.මද්‍රී දේවී සිහිමුලා වී වැටුන වග.
23.දෙවියෝ දෙමාපිය වෙස් ගෙන වනාන්තරයේදී උදවු කරන වග.
24. සඳ මහරජානෝ ක්‍රිෂ්ණජිනාවන්ගේ බරට කිරා රන් මසු දුන් වග.
25. රස බොජුන් අනුභව කර ජූජකයා මරණ ප්‍රාප්ත වූ වග.
බුදු ගෙහි ඇතුළු පියැස්ස බදාමයෙන් වසා චිත්‍ර ඇදීමට භාවිතා කර ඇත. පියැස්ස මධ්‍යයේ මාර පරාජය දැක්වෙන චිත්‍රයක් ඇත.මෙම දෙගල්දොරුව හා මහනුවර යුගයේ අනිකුත් චිත්‍ර පොළොන්නරු සම්ප්‍රදායෙන් දැඩිව වෙනස් වේ. මහනුවර යුගයේ චිත්‍රවලින් මුහුනෙන් සිතුම් පැතුම් ප්‍රකාශ කිරීමට හෝ අත්වල මුද්‍රා වලින් අදහස් ප්‍රකාශ කිරීමට උත්සහ නොකරයි. රූපවල ශරීර හෝ අංගෝපාංගවල වටකුරු බව හෝ එළිය අඳුර දැක්වීමට හෝ පර්යාලෝකය දැක්විමක්ද සිදු නොකරයි. නමුත් මෙම චිත්‍ර පාඨකයාගේ ඇස පිනවයි.
මීට අමතරව බොහෝ බිතුසිතුවම් දක්නට ලැබෙන අතර ඒවා පෞඪ ලාංකීය ඉතිහාසය ලොවට විදහා දක්වන නිහඬ මූලාශ්‍ර වේ.

අනුරාධපුර යුගයේ සිතුවම් - විකිපීඩියා, නිදහස් ...

https://si.wikipedia.org/wiki/අනුරාධපුර_යුගයේ_සිතුවම්

මහනුවර යුගයේ චිත‍්‍ර කලාව

මහනුවර යුගයේ චිත‍්‍ර කලාව

මහනුවර යුගයේ චිත‍්‍ර කලාව, 17 වන සියවස අගභාගයේදී කන්ද උඩරට මූලික කරගෙන ඇති වූ රාජධානිය ආශි‍්‍රතව වැඩුණු අතර, 18, 19 වන සියවස් වලදී වඩාත් ප‍්‍රකටව වර්ධනය විය. පොළොන්නරු යුගයෙන් පසු චිත‍්‍ර කලාව යළි පිබිදෙන්නේ මෙම යුගයේදීය. බෞද්ධාගමික පසුබිම මෙන්ම පසුකාලීන දේව සංකල්ප, විවිධ විශ්වාසයන්, ඇදහීම්, මහායාන ආභාෂයන් මූලික කරගෙන ස්වභාවික හා මනඃකල්පිත නිර්මාණවලින් පෝෂිත වී ඇති අතර, තත්වාකාර නිරූපනයට වඩා අදහස් ප‍්‍රකාශනයට මුල් තැනක් දී ඇති බව පෙනේ.

මහනුවර චිත‍්‍රවල සුවිශේෂතා

අනුරාධපුර පොළොන්නරු යුගවල පැවති චිත‍්‍ර කලාවේ ප‍්‍රධාන මූලධර්මයන් වශයෙන් තිබූ ති‍්‍රමාණ ලක්‍ෂණ, පර්යාවලෝකනය, ක්‍ෂයවෘද්ධි ලක්‍ෂණ, චරිත ස්වභාවයන් හා ඉන්ද්‍රීය පරිමාණයන් ඉස්මතු කිරීම, රිද්මයානුකූල අංග, මිශ‍්‍ර වර්ණ භාවිතය, ප‍්‍රසන්න කාව්‍යමය ඉරියව් වෙනුවට ශෛලිගත, දෘශ්ඨිගෝචර පොදුජන ප‍්‍රසාදයට පත්වූ, චිත‍්‍රාවලි ක‍්‍රමයට සැකසුණු, බෞද්ධ කතා චිත‍්‍රයට නැගූ වෙනස්ම මුහුණුවරකින් යුත් පොදුජන චිත‍්‍ර කලාවක්, රාජ, ගිහි, පැවිදි, ප‍්‍රභූ අනුග‍්‍රහය නිසා පන්සල් ආශි‍්‍රතව වර්ධනය විය.

මෙම චිත‍්‍රවල ප‍්‍රධාන තේමාවන් වූයේ බුද්ධ චරිතය, ජාතක කතා, ඓතිහාසික බෞද්ධ සිදුවීම්, දේව රූප හා විවිධ මෝස්තරයන්ය. ස්වාභාවික ලෝකයේ පවතින වස්තූන් වලට නව අරුතක් දෙමින් නිර්මාණාත්මකව නිරූඩ හැඩ හඳුන්වා දීමට ශිල්පියා සමත් වී ඇත. පරිසරයේ පවතින නෙළුම් මල, වැටකේ මල, සපුමල, අන්නාසි වැනි මල්වල මූලික අන්තර්ගතයට හානි නොවන ලෙස නව නිර්මාණයක් බිහිකිරීමටද ශිල්පියා ගත් උත්සාහය ඉතා විශිෂ්ඨය.

මහනුවර යුගයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ, පාරම්පරික ශිල්ප කලාවක් වන අතර, ඔවුන් ශිල්පාචාරීන් ලෙස හඳුන්වයි. ළමා කාලයේදීම ශිල්පියෙකු, ආචාරියෙකු යටතේ අධ්‍යාපනය ලැබීම ඇරඹීම පසුකාලින ශිල්පියෙකු වීමට අනිවාර්යෙන් කල යුතු කි‍්‍රයාවලියකි. ගුරුවරයා තම ගෝලයා හට සුභ නැකතින් අතපුවරු තැබීමෙන් ඔහුගේ මූලික අභ්‍යාසය ලබාදෙයි.

චිත‍්‍ර ඇදීමට අත හුරු කරවන ලද්දේ වැලි අතුරා සැකසූ වැලි පුවරුවක් මතය. එසේ නැතිනම් ගඩොල් කුඩු හා තෙල් මිශ‍්‍රකර සාදාගන්නා ”වඩි” නම් විශේෂ තලපයක් යොදාගන්නා යටිපෝරුවක් මතය.

එම හැඩය නිදහසේ මතකයෙන් ඇද ඊට ලියපත නම් හැඩය ආදේශ කර අවසානයේ රිද්මික රේඛාවෙන් පෝෂිත තිරිගිතලය නම් හැඩය සාර්ථකව ඇදීමෙන් ශිල්පියෙකු ලෙස ප‍්‍රවීනත්වය ලබාගනී. රේඛාවේ අපූරු රිද්මයක් තුළින් නිර්මාණය වූ මනඃකල්පිත නිර්මාණයක් ලෙස මෙම තිරිගිතලය හැඳින්විය හැකිය. මීට අමතරව ගෝලයා විවිධ ග‍්‍රන්ථද පරිශීලනය කල යුතු අතර, රූපාවලිය, සාරිපුත්තය, වෛජයන්තිය වැනි පොත් භාවිතා කරයි. සාරිපුත්තයෙන් බුද්ධ රූප ඇදීමට අවශ්‍ය උපදෙස් ලබා දීමත්, රූපාවලියෙන් දේව රූප නිර්මාණයත්, වෛජයන්තියෙන් විවිධ වර්ගයේ ආභරණ නිර්මාණයටත් අවශ්‍ය වන උපදෙස් ලබා දේ. මේ නිසා සාම්ප‍්‍රදායික චිත‍්‍ර කලාවේ සම්මත මිමි, පරිමාණ, හැඩ වලට පොදු වූ කලාකෘති නිර්මාණය වීම සිදුවේ.

එසේම කොට්ටල් බද්ද, පට්ටල් සතර නැමැති සංවිධානාත්මක ඒකකද චිත‍්‍ර කලා ශිල්පීන්ට උපදෙස් ලබාදුන් අතර, ඒවා චිත‍්‍ර කලාවේ පෝෂණය උදෙසා රාජ අනුග‍්‍රහය සහිතව කි‍්‍රයාත්මක විය. ආභරණ, ඔටුනු, කඩු, සිංහාසන යන අංශ හතර කි‍්‍රයාත්මක වන්නේ පට්ටල් සතර නම් සංවිධානය යටතේය.

මහනුවර යුගයේදී සිංහල සැරසිලි මෝස්තර බොහෝ ප‍්‍රමාණයන් බොහෝ ප‍්‍රමාණයක් පැවති අතර, දිව්‍ය, සත්ව, උද්හිද, නිරූඩ ලෙස ඒවා වර්ග කල හැකිය.

මහනුවර යුගයේ පන්සල් චිත‍්‍ර කලාවේදී විහාර වර්ග තුනක් ආශි‍්‍රතවට චිත‍්‍ර ඇඳ ඇති බව පෙනේ. එනම් ස්වාභාවික ලෙන්, ටැම්පිට විහාර හා ගොඩනැගූ විහාරයි.

උදාහරණ ලෙස:

ස්වාභාවික ලෙන් – දඹුල්ල, දෙගල්දොරුව, දනගිරිගල, රිදී විහාරය ටැම්පිට විහාර     – දැඹව, මැදවල, සූරියගොඩ ගොඩනැගූ විහාර – දළදා මාලිගය, නාග විහාරය

චිත‍්‍ර ශෛලීය

 චිත‍්‍ර ඇඳීම සඳහා භාවිතා කල, හුණු බදාම හා සකස් කල බිත්තිය අවම අඩි 1 සිට උපරිමය අඩි 3 දක්වා පමණ තිරස් තීරුවලට බෙදා, කථාව ආරම්භයේ සිට අවසානය දක්වා චිත‍්‍රාවලි හෙවත් අඛණ්ඩ කථනයක් ලෙස රේඛාවෙන් චිත‍්‍ර ඇඳ තිබේ. බුදුරුව බොහෝවිට සෘජ හෝ දර්ශී ලෙස ඇන්දත් සෙසු මානව, රහත්, රූප පාර්ශවදර්ශී හා අර්ධ පාර්ශවදර්ශීව ලෙස දක්වා තිබේ. හැම රුවකම පාද ඇත්තේ පැත්තටයි. මේ නිසාම මානව රුවක නිවැරදි පිහිටීම බැහැර වී ඇකි බවක් හැඟී යයි. පසුපසට හැරුණු රූප නැති තරම්ය. ස්තී‍්‍ර රූප, පුරුෂ රූපවලින් වෙනස් වන්නේ ඇඳුම් හා ආභරණ නිසාවෙනි.

චිත‍්‍රයක කතාමාලාවේ සිදුවීම් වෙන් කිරීම සඳහා මෙන්ම අලංකාරයටද හැඩතල අතරට පසුබිමේ නෙළුම්, වැටකේ, සපු සහ විවිධ ගස් වර්ග වැනි උද්හිද හැඩ යොදාගෙන ඇත. චිත‍්‍රවල ගස් ඇද ඇත්තේ අමුතුම ශෛලයකට. ගසේ පත‍්‍ර නැටි මෝස්තරාකාරව පැහැදිලි කළු රේඛාවෙන් ඇඳ ඇති අතර, පංච මහා ශාඛාව බහුලව යොදාගෙන තිබේ. චිත‍්‍රයට අදාළ තීරුවේ චිත‍්‍රයේ මාතෘකාව සටහන් කර ඇති අතර, උදාහරණ ලෙස දෙගල්දොරුව විහාරයේ වෙස්සන්තර ජාතකයේ අලි ඇතුන් දන් දෙන අවස්ථාව දක්වන චිත‍්‍රයේ ”අලි ඇතුන් දන්දුන් වගයි” යනුවෙන් සටහන් කර ඇති අතර, සමහර තැනක චිත‍්‍රය තුලම එය සටහන් කර තිබේ.

වර්ණ භාවිතය දේශීය අමුද්‍රව්‍යයන් වන ශාක කිරි, කහට, පස්, ලවන, තෙල් වර්ග වැනි ස්වාභාවික ද්‍රව්‍ය මිශ‍්‍ර කර වර්ණ සාදාගෙන ඇත. ඇතැම් වර්ණවලට අදාළ ද්‍රව්‍ය ඉන්දියාවෙන් ගෙන්වාගෙන ඇති අතර, සාදිලිංගම් ඛණිජය ඊට උදාහරණයකි. වර්ණ දීප්තිමත් වීමටත් ආරක්‍ෂා වීමටත් දොරණ තෙල්, බිත්තර සුදුමද, දිවුල් ලාටු මිශ‍්‍රකර ඇත. වර්ණ තාක්‍ෂණය පිළිබඳ උසස් දැනුමක්, පාරම්පරික ඥනයක් මහනුවර යුගයේ ශිල්පීන්ට තිබූ බව, අවුරුදු සිය ගණනක් ගතවීත් මේවන විටත් පවතින චිත‍්‍ර නිරීක්‍ෂණයේදී හැඟී යයි.

වර්ණ සෑදීමට භාවිතා කල සමහර ද්‍රව්‍යයන්, සුදු – මකුළු මැටි කහ – ගොකටු කිරි නිල් – නිල් අවරිය යුෂ රතු – සාදිලිංගම් කොළ – රණවරා කොළ යුෂ, කැහිපිත්තන් කොල යුෂ කළු – පහන් දැලි

චිත‍්‍රවල පැතලි හෙවත් ද්විමාන ලෙස වර්ණ ආලේප කර තිබේ. මානව රූප කහපාටින් ඇඳ තිබෙන නිසා පසුබිමට යොදන රතු වර්ණයත් සමඟ රූප මනාව මතුවී පෙනේ. රතු, කහ, සුදු, දුඹුරු, කොළ වර්ණ බහුලව යෙදේ. වර්ණ මගින් චරිතය කියා පෑමට උත්සාහ කර තිබෙන බව දුදනන්ගේ රූපවලට (දේවදත්ත, පූජක* වැනි අඳුරු කොළ පාටට හුරු අළුපාට යෙදීමෙන් සිතිය හැකිය. ඇඳුම්, ආභරණ, නිවාස සැරසිලිවලට බහුලව විවිධ වර්ණ රේඛා යොදාගෙන ඇති අතර, ඇඳුම් මල් මෝස්තර, ජ්‍යාමිතික හැඩතල වලින් සරසයි. හැම හැඩතලයක් වටාම කළු හෝ රතු රේඛාව යොදා අවසන් නිමාව දැක්වීම විශේෂය.

බුදුපිළිම, දේව රූප, රජ රූප වැනි මූර්තිද වර්ණ ගන්වා තිබේ. බුදු රූපය කහ පාට වන අතර, රැුස් වළල්ල අලංකාර ගිණි දැල් රටාවෙන් සරසයි. උදා : දඹුල්ලේ බුදුපිළිම වටා අලංකාර රැුස්වලලූ හිසේ සිරස්පතද වර්ණ ගන්වා තිබේ. මකර තොරණ කැටයමක් වුවත් එහි රූපද වර්ණ ගන්වා තිබේ. මූර්ති හා කැටයම් වලටත් වර්ණ භාවිතා කර තිබේ.

චිත‍්‍ර ඇදීමට මාධ්‍යය සකස් කර ගැනීම

හුබස් මැටි, දිවුල් ලාටු, කොහු කෙඳි, පුළුන් වැනි ස්වාභාවික පරිසරයේ හමුවූ අමුද්‍රව්‍ය එකතුවෙන් සෑ¥ බදාමයක් පළමුව බිත්තියේ ආලේප කර සමතලා කළ පසු එම බදාමය මත සිල්ලූවෙන් (හක්ගෙඩිය* මැදීමක් සිදුකර මකුළු මැටි ආලේප කර චිත‍්‍ර ඇදීමට සුදුසු ලෙස සකස් කර ගනී. මතුපිට ස්වභාවය අනුව බදාම ඝනකම අඩුවැඩි වේ. බදාම වියලූණු පසු චිත‍්‍ර ඇඳීම සිදුකරයි.

පින්සල් 

සත්ව ලෝම, තෘණ වර්ග, වැටකෙයා මුල් පින්සල් සැකසීම සඳහා යොදාගෙන ඇත. තෙලි තණ නම් තණ කොළ කෙදි වලින් සෑ¥ පින්සල තෙලිකූර ලෙස නම් කරයි. සත්ව ලෝම පින්සල් හීන් ඉරි ඇදීමටත්, වැටකේ මුල් පින්සල් ලොකු පදාස ආලේප කිරීමටත් ගෙන ඇත. සිතුවම් අතර ඇති සිහින් රිද්මික රේඛා දෙස බලන විට ශිල්පීන්ගේ පින්සල් ඉතා දියුණු මට්ටමක තිබූ බව සිතිය හැකි අතර, එම රේඛාවල හා මෝස්තරවල මනා නිමාව, පිළිවෙල හා ගැලපීම, එම ශිල්පීන්ගේ අනගි හැකියාවකි.

මහනුවර යුගයේ ශිල්පීන් මෙම යුගයේ ප‍්‍රසිද්ධ ශිල්පීන්ගේ තිදෙනෙකු ලෙස හිමප්පු සිත්තර, දෙවරගම්පල සිල්වත් තැන, හිරියාලේ නයිදේ, නිලගම පටබැන්දා, කටුවන හිමි, දෙවුන්දර සිත්තරා, පොඞ්ඬේ සිත්තරා දැක්විය හැකිය.

මාතෘකා වෙස්සන්තර ජාතකය, මහාසීලව ජාතකය, සුතසෝම, සස, විදුර වැනි ජාතක කතාද සුවිසි විවරණය, සත්සතිය, මාර පරාජය, බුදුවීම වැනි බුද්ධ චරිතයේ සිදුවීම්ද, රහත් වහන්සේලාද, සතරවරම්, ශක‍්‍ර, සමන්, නාථ වැනි දේව රූපද, කීර්ති ශී‍්‍ර රාජසිංහ, නිශ්ශංකමල්ල වැනි රජ රූප, ග‍්‍රහ බලි යක්ෂ රූප, උද්හිද මෝස්තර, නෙළුම්, වැටකේ, සපු, සීන, කඩුපුල් වැනි මල් ස්වාභාවික හා නිරූඩ සත්ව මෝස්තර, මකරා, භේරුන්ඩ, ගජසිංහ සරපෙත්දා, නාරිලතා වැනි මෝස්තරද මහනුවර යුගයේ චිත‍්‍ර අතර බහුල වශයෙන් දැකිය හැකිය.

චිත‍්‍ර දැකිය හැකි සුවිශේෂී ද්‍රව්‍ය 

ආභරණ පෙට්ටි පුස්කොළ පොත් කම්භ, සන්නස් චිත‍්‍ර, සේසත්, පාරිභෝගික භාණ්ඩ, මැටි භාජන, දොරවල්, උළුවහු හා වඩිම්බු ආදියෙහි මෙම යුගයේ චිත‍්‍ර දැකිය හැකිය.

පෙතිකඩ චිත‍්‍ර, නමින් හඳුන්වන රෙදිවල චිත‍්‍ර ඇදීමද මහනුවර යුගයේදී දැකිය හැකිය. බණ දේශනාවකදී නිදර්ශන චිත‍්‍ර ලෙස මේවා භාවිතා කර ඇති අතර, ඇතැම් විට රෙද්දක ඇද බිත්තියේ අලවා ඇත. (උදා :- දෙගල්දොරුවේ මාර පරාජය* අවශ්‍ය විටකදී හකුලා තබාගත හැකි නිසා ධර්ම ප‍්‍රචාරයේදී වඩා පහසුවන්නට ඇත. මෙලෙසම රෙදිවල ඇඳි විවිධ කොඩි වර්ගද දැකිය හැකිය. පෙතිකඩ චිත‍්‍රවල බොහෝවිට ඇත්තේ බෞද්ධ සිදුවීම් වුවද, ඒ හැර දේව, ග‍්‍රහ, බලි රූපද ඇඳ තිබේ. පෙතිකඩ චිත‍්‍ර නිර්මාණයේ ප‍්‍රධාන පියවර හතරක් වන අතර, රෙදි සේදීම, කැඳ ආලේප කිරීම, රූප ඇදීම සහ රූප පාට කිරීම පිළිවෙලින් ක ටැම්පිට විහාරගේ යනුවෙන් හැඳින්වෙන්නේ ගල්කණු පිට දැව පාදමක් තබා ඒ මත ලෑලි අතුරුවා ඒ උඩ බිත්ති බැඳ සාදන පිළිම ගෙයකි.

මැදවල ටැම්පිට පිළිමගේ මහනුවර දිස්ති‍්‍රක්කයේ, හාරිස්පත්තුව මැදවල ගමේ පිහිටි මැදවල රජමහා විහාරයට අරගනී.

චිත‍්‍ර දක්නට ලැබෙන ස්ථාන උඩරට දළදා මැදුර, දඹුල්ල, ගංඟාරාමය, මැදවල, දෙගල්දොරුව, රිදී විහාරය, පහතරට-මුල්කිරිගල, කතලූව, තෙල්වත්ත, කැළණිය ආදී ස්ථාන වඩා විශේෂ වේ.

ටැම්පිට පිළිමගේ (ටැම්පිට විහාරගේ)යත් මුලදී දෙමහල්ව තිබූ ටැම්පිට පිළිමෙගෙයකි. මෙම දෙමහල්පාය පසුව ජරාවට පත් වූ අතර මහනුවර රජකල කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු විසින් සත්රියන් ටැම්පිට පිළිමගෙයක් කරවූ බව කියවේ. මෙම පිළිම ගෙයට අයත් ගලින් කළ ගජසිංහ සහ කිබිසි ලියවැල සහිත ගල් පඩිද මේ වන විට විහාර භූමියේ ඇත.

ටැම්පිටගේ ගරාදිවැටේ විනාශ වී තිබූ අඩුතැන්වලට පැරණි වැඩ අනුව, ලී අලූතින් යොදා සාදා ඇත. වහලය සම්පූර්ණයෙන්ම පාහේ පුරාණ පෙති උළු සැලැස්මට, ඒ ආකාරයෙන් සැකසූ අළුත් පෙති උළු වලින් සෙවිලි කර තිබේ. පැරණි දිරාපත් වූ කොටස්වලට ඒ ආකාරයේ හැඩවලට අලූතින් දැව එක්කර සකසා තිබේ.

මැදවල ටැම්පිට පිළිමගෙයි සිතුවම් මෙහි යම් පමණකට වියැකී ගියත්, මහනුවර යුගයට අයත් වටිනා සම්ප‍්‍රදායික චිත‍්‍ර එකතුවක් ශේෂව පවතී. (උරග ජාතකය , බුදුන් බෝමැඩ බුදු බවට පත්ව වැඩහිඳින බුදුන්වහන්සේ, වෙස්සන්තර ජාතකය, බෝමැඩ මුචලින්ද නාගදරණයේ වැඩහිඳින බුදුන්වහන්සේ, දානය ගෙන යෑම, කරඬුව වැඩමවීම)

මහනුවර යුගයේ චිත‍්‍ර කලාව, 17 වන සියවස අගභාගයේදී කන්ද උඩරට මූලික කරගෙන ඇති වූ රාජධානිය ආශි‍්‍රතව වැඩුණු අතර, 18, 19 වන සියවස් වලදී වඩාත් ප‍්‍රකටව වර්ධනය විය. පොළොන්නරු යුගයෙන් පසු චිත‍්‍ර කලාව යළි පිබිදෙන්නේ මෙම යුගයේදීය. බෞද්ධාගමික පසුබිම මෙන්ම පසුකාලීන දේව සංකල්ප, විවිධ විශ්වාසයන්, ඇදහීම්, මහායාන ආභාෂයන් මූලික කරගෙන ස්වභාවික හා මනඃකල්පිත නිර්මාණවලින් පෝෂිත වී ඇති අතර, තත්වාකාර නිරූපනයට වඩා අදහස් ප‍්‍රකාශනයට මුල් තැනක් දී ඇති බව පෙනේ.

මහනුවර චිත‍්‍රවල සුවිශේෂතා

අනුරාධපුර පොළොන්නරු යුගවල පැවති චිත‍්‍ර කලාවේ ප‍්‍රධාන මූලධර්මයන් වශයෙන් තිබූ ති‍්‍රමාණ ලක්‍ෂණ, පර්යාවලෝකනය, ක්‍ෂයවෘද්ධි ලක්‍ෂණ, චරිත ස්වභාවයන් හා ඉන්ද්‍රීය පරිමාණයන් ඉස්මතු කිරීම, රිද්මයානුකූල අංග, මිශ‍්‍ර වර්ණ භාවිතය, ප‍්‍රසන්න කාව්‍යමය ඉරියව් වෙනුවට ශෛලිගත, දෘශ්ඨිගෝචර පොදුජන ප‍්‍රසාදයට පත්වූ, චිත‍්‍රාවලි ක‍්‍රමයට සැකසුණු, බෞද්ධ කතා චිත‍්‍රයට නැගූ වෙනස්ම මුහුණුවරකින් යුත් පොදුජන චිත‍්‍ර කලාවක්, රාජ, ගිහි, පැවිදි, ප‍්‍රභූ අනුග‍්‍රහය නිසා පන්සල් ආශි‍්‍රතව වර්ධනය විය.

මෙම චිත‍්‍රවල ප‍්‍රධාන තේමාවන් වූයේ බුද්ධ චරිතය, ජාතක කතා, ඓතිහාසික බෞද්ධ සිදුවීම්, දේව රූප හා විවිධ මෝස්තරයන්ය. ස්වාභාවික ලෝකයේ පවතින වස්තූන් වලට නව අරුතක් දෙමින් නිර්මාණාත්මකව නිරූඩ හැඩ හඳුන්වා දීමට ශිල්පියා සමත් වී ඇත. පරිසරයේ පවතින නෙළුම් මල, වැටකේ මල, සපුමල, අන්නාසි වැනි මල්වල මූලික අන්තර්ගතයට හානි නොවන ලෙස නව නිර්මාණයක් බිහිකිරීමටද ශිල්පියා ගත් උත්සාහය ඉතා විශිෂ්ඨය.

මහනුවර යුගයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ, පාරම්පරික ශිල්ප කලාවක් වන අතර, ඔවුන් ශිල්පාචාරීන් ලෙස හඳුන්වයි. ළමා කාලයේදීම ශිල්පියෙකු, ආචාරියෙකු යටතේ අධ්‍යාපනය ලැබීම ඇරඹීම පසුකාලින ශිල්පියෙකු වීමට අනිවාර්යෙන් කල යුතු කි‍්‍රයාවලියකි. ගුරුවරයා තම ගෝලයා හට සුභ නැකතින් අතපුවරු තැබීමෙන් ඔහුගේ මූලික අභ්‍යාසය ලබාදෙයි.

චිත‍්‍ර ඇදීමට අත හුරු කරවන ලද්දේ වැලි අතුරා සැකසූ වැලි පුවරුවක් මතය. එසේ නැතිනම් ගඩොල් කුඩු හා තෙල් මිශ‍්‍රකර සාදාගන්නා ”වඩි” නම් විශේෂ තලපයක් යොදාගන්නා යටිපෝරුවක් මතය.

එම හැඩය නිදහසේ මතකයෙන් ඇද ඊට ලියපත නම් හැඩය ආදේශ කර අවසානයේ රිද්මික රේඛාවෙන් පෝෂිත තිරිගිතලය නම් හැඩය සාර්ථකව ඇදීමෙන් ශිල්පියෙකු ලෙස ප‍්‍රවීනත්වය ලබාගනී. රේඛාවේ අපූරු රිද්මයක් තුළින් නිර්මාණය වූ මනඃකල්පිත නිර්මාණයක් ලෙස මෙම තිරිගිතලය හැඳින්විය හැකිය. මීට අමතරව ගෝලයා විවිධ ග‍්‍රන්ථද පරිශීලනය කල යුතු අතර, රූපාවලිය, සාරිපුත්තය, වෛජයන්තිය වැනි පොත් භාවිතා කරයි. සාරිපුත්තයෙන් බුද්ධ රූප ඇදීමට අවශ්‍ය උපදෙස් ලබා දීමත්, රූපාවලියෙන් දේව රූප නිර්මාණයත්, වෛජයන්තියෙන් විවිධ වර්ගයේ ආභරණ නිර්මාණයටත් අවශ්‍ය වන උපදෙස් ලබා දේ. මේ නිසා සාම්ප‍්‍රදායික චිත‍්‍ර කලාවේ සම්මත මිමි, පරිමාණ, හැඩ වලට පොදු වූ කලාකෘති නිර්මාණය වීම සිදුවේ.

එසේම කොට්ටල් බද්ද, පට්ටල් සතර නැමැති සංවිධානාත්මක ඒකකද චිත‍්‍ර කලා ශිල්පීන්ට උපදෙස් ලබාදුන් අතර, ඒවා චිත‍්‍ර කලාවේ පෝෂණය උදෙසා රාජ අනුග‍්‍රහය සහිතව කි‍්‍රයාත්මක විය. ආභරණ, ඔටුනු, කඩු, සිංහාසන යන අංශ හතර කි‍්‍රයාත්මක වන්නේ පට්ටල් සතර නම් සංවිධානය යටතේය.

මහනුවර යුගයේදී සිංහල සැරසිලි මෝස්තර බොහෝ ප‍්‍රමාණයන් බොහෝ ප‍්‍රමාණයක් පැවති අතර, දිව්‍ය, සත්ව, උද්හිද, නිරූඩ ලෙස ඒවා වර්ග කල හැකිය.

මහනුවර යුගයේ පන්සල් චිත‍්‍ර කලාවේදී විහාර වර්ග තුනක් ආශි‍්‍රතවට චිත‍්‍ර ඇඳ ඇති බව පෙනේ. එනම් ස්වාභාවික ලෙන්, ටැම්පිට විහාර හා ගොඩනැගූ විහාරයි.

උදාහරණ ලෙස:

ස්වාභාවික ලෙන් – දඹුල්ල, දෙගල්දොරුව, දනගිරිගල, රිදී විහාරය ටැම්පිට විහාර     – දැඹව, මැදවල, සූරියගොඩ ගොඩනැගූ විහාර – දළදා මාලිගය, නාග විහාරය

චිත‍්‍ර ශෛලීය චිත‍්‍ර ඇඳීම සඳහා භාවිතා කල, හුණු බදාම හා සකස් කල බිත්තිය අවම අඩි 1 සිට උපරිමය අඩි 3 දක්වා පමණ තිරස් තීරුවලට බෙදා, කථාව ආරම්භයේ සිට අවසානය දක්වා චිත‍්‍රාවලි හෙවත් අඛණ්ඩ කථනයක් ලෙස රේඛාවෙන් චිත‍්‍ර ඇඳ තිබේ. බුදුරුව බොහෝවිට සෘජ හෝ දර්ශී ලෙස ඇන්දත් සෙසු මානව, රහත්, රූප පාර්ශවදර්ශී හා අර්ධ පාර්ශවදර්ශීව ලෙස දක්වා තිබේ. හැම රුවකම පාද ඇත්තේ පැත්තටයි. මේ නිසාම මානව රුවක නිවැරදි පිහිටීම බැහැර වී ඇකි බවක් හැඟී යයි. පසුපසට හැරුණු රූප නැති තරම්ය. ස්තී‍්‍ර රූප, පුරුෂ රූපවලින් වෙනස් වන්නේ ඇඳුම් හා ආභරණ නිසාවෙනි.

චිත‍්‍රයක කතාමාලාවේ සිදුවීම් වෙන් කිරීම සඳහා මෙන්ම අලංකාරයටද හැඩතල අතරට පසුබිමේ නෙළුම්, වැටකේ, සපු සහ විවිධ ගස් වර්ග වැනි උද්හිද හැඩ යොදාගෙන ඇත. චිත‍්‍රවල ගස් ඇද ඇත්තේ අමුතුම ශෛලයකට. ගසේ පත‍්‍ර නැටි මෝස්තරාකාරව පැහැදිලි කළු රේඛාවෙන් ඇඳ ඇති අතර, පංච මහා ශාඛාව බහුලව යොදාගෙන තිබේ. චිත‍්‍රයට අදාළ තීරුවේ චිත‍්‍රයේ මාතෘකාව සටහන් කර ඇති අතර, උදාහරණ ලෙස දෙගල්දොරුව විහාරයේ වෙස්සන්තර ජාතකයේ අලි ඇතුන් දන් දෙන අවස්ථාව දක්වන චිත‍්‍රයේ ”අලි ඇතුන් දන්දුන් වගයි” යනුවෙන් සටහන් කර ඇති අතර, සමහර තැනක චිත‍්‍රය තුලම එය සටහන් කර තිබේ.

වර්ණ භාවිතය දේශීය අමුද්‍රව්‍යයන් වන ශාක කිරි, කහට, පස්, ලවන, තෙල් වර්ග වැනි ස්වාභාවික ද්‍රව්‍ය මිශ‍්‍ර කර වර්ණ සාදාගෙන ඇත. ඇතැම් වර්ණවලට අදාළ ද්‍රව්‍ය ඉන්දියාවෙන් ගෙන්වාගෙන ඇති අතර, සාදිලිංගම් ඛණිජය ඊට උදාහරණයකි. වර්ණ දීප්තිමත් වීමටත් ආරක්‍ෂා වීමටත් දොරණ තෙල්, බිත්තර සුදුමද, දිවුල් ලාටු මිශ‍්‍රකර ඇත. වර්ණ තාක්‍ෂණය පිළිබඳ උසස් දැනුමක්, පාරම්පරික ඥනයක් මහනුවර යුගයේ ශිල්පීන්ට තිබූ බව, අවුරුදු සිය ගණනක් ගතවීත් මේවන විටත් පවතින චිත‍්‍ර නිරීක්‍ෂණයේදී හැඟී යයි.

වර්ණ සෑදීමට භාවිතා කල සමහර ද්‍රව්‍යයන්, සුදු – මකුළු මැටි කහ – ගොකටු කිරි නිල් – නිල් අවරිය යුෂ රතු – සාදිලිංගම් කොළ – රණවරා කොළ යුෂ, කැහිපිත්තන් කොල යුෂ කළු – පහන් දැලි

චිත‍්‍රවල පැතලි හෙවත් ද්විමාන ලෙස වර්ණ ආලේප කර තිබේ. මානව රූප කහපාටින් ඇඳ තිබෙන නිසා පසුබිමට යොදන රතු වර්ණයත් සමඟ රූප මනාව මතුවී පෙනේ. රතු, කහ, සුදු, දුඹුරු, කොළ වර්ණ බහුලව යෙදේ. වර්ණ මගින් චරිතය කියා පෑමට උත්සාහ කර තිබෙන බව දුදනන්ගේ රූපවලට (දේවදත්ත, පූජක* වැනි අඳුරු කොළ පාටට හුරු අළුපාට යෙදීමෙන් සිතිය හැකිය. ඇඳුම්, ආභරණ, නිවාස සැරසිලිවලට බහුලව විවිධ වර්ණ රේඛා යොදාගෙන ඇති අතර, ඇඳුම් මල් මෝස්තර, ජ්‍යාමිතික හැඩතල වලින් සරසයි. හැම හැඩතලයක් වටාම කළු හෝ රතු රේඛාව යොදා අවසන් නිමාව දැක්වීම විශේෂය.

බුදුපිළිම, දේව රූප, රජ රූප වැනි මූර්තිද වර්ණ ගන්වා තිබේ. බුදු රූපය කහ පාට වන අතර, රැුස් වළල්ල අලංකාර ගිණි දැල් රටාවෙන් සරසයි. උදා : දඹුල්ලේ බුදුපිළිම වටා අලංකාර රැුස්වලලූ හිසේ සිරස්පතද වර්ණ ගන්වා තිබේ. මකර තොරණ කැටයමක් වුවත් එහි රූපද වර්ණ ගන්වා තිබේ. මූර්ති හා කැටයම් වලටත් වර්ණ භාවිතා කර තිබේ.

චිත‍්‍ර ඇදීමට මාධ්‍යය සකස් කර ගැනීම

හුබස් මැටි, දිවුල් ලාටු, කොහු කෙඳි, පුළුන් වැනි ස්වාභාවික පරිසරයේ හමුවූ අමුද්‍රව්‍ය එකතුවෙන් සෑ¥ බදාමයක් පළමුව බිත්තියේ ආලේප කර සමතලා කළ පසු එම බදාමය මත සිල්ලූවෙන් (හක්ගෙඩිය* මැදීමක් සිදුකර මකුළු මැටි ආලේප කර චිත‍්‍ර ඇදීමට සුදුසු ලෙස සකස් කර ගනී. මතුපිට ස්වභාවය අනුව බදාම ඝනකම අඩුවැඩි වේ. බදාම වියලූණු පසු චිත‍්‍ර ඇඳීම සිදුකරයි.

පින්සල් සත්ව ලෝම, තෘණ වර්ග, වැටකෙයා මුල් පින්සල් සැකසීම සඳහා යොදාගෙන ඇත. තෙලි තණ නම් තණ කොළ කෙදි වලින් සෑ¥ පින්සල තෙලිකූර ලෙස නම් කරයි. සත්ව ලෝම පින්සල් හීන් ඉරි ඇදීමටත්, වැටකේ මුල් පින්සල් ලොකු පදාස ආලේප කිරීමටත් ගෙන ඇත. සිතුවම් අතර ඇති සිහින් රිද්මික රේඛා දෙස බලන විට ශිල්පීන්ගේ පින්සල් ඉතා දියුණු මට්ටමක තිබූ බව සිතිය හැකි අතර, එම රේඛාවල හා මෝස්තරවල මනා නිමාව, පිළිවෙල හා ගැලපීම, එම ශිල්පීන්ගේ අනගි හැකියාවකි.

මහනුවර යුගයේ ශිල්පීන් මෙම යුගයේ ප‍්‍රසිද්ධ ශිල්පීන්ගේ තිදෙනෙකු ලෙස හිමප්පු සිත්තර, දෙවරගම්පල සිල්වත් තැන, හිරියාලේ නයිදේ, නිලගම පටබැන්දා, කටුවන හිමි, දෙවුන්දර සිත්තරා, පොඞ්ඬේ සිත්තරා දැක්විය හැකිය.

මාතෘකා වෙස්සන්තර ජාතකය, මහාසීලව ජාතකය, සුතසෝම, සස, විදුර වැනි ජාතක කතාද සුවිසි විවරණය, සත්සතිය, මාර පරාජය, බුදුවීම වැනි බුද්ධ චරිතයේ සිදුවීම්ද, රහත් වහන්සේලාද, සතරවරම්, ශක‍්‍ර, සමන්, නාථ වැනි දේව රූපද, කීර්ති ශී‍්‍ර රාජසිංහ, නිශ්ශංකමල්ල වැනි රජ රූප, ග‍්‍රහ බලි යක්ෂ රූප, උද්හිද මෝස්තර, නෙළුම්, වැටකේ, සපු, සීන, කඩුපුල් වැනි මල් ස්වාභාවික හා නිරූඩ සත්ව මෝස්තර, මකරා, භේරුන්ඩ, ගජසිංහ සරපෙත්දා, නාරිලතා වැනි මෝස්තරද මහනුවර යුගයේ චිත‍්‍ර අතර බහුල වශයෙන් දැකිය හැකිය.

චිත‍්‍ර දැකිය හැකි සුවිශේෂී ද්‍රව්‍ය ආභරණ පෙට්ටි පුස්කොළ පොත් කම්භ, සන්නස් චිත‍්‍ර, සේසත්, පාරිභෝගික භාණ්ඩ, මැටි භාජන, දොරවල්, උළුවහු හා වඩිම්බු ආදියෙහි මෙම යුගයේ චිත‍්‍ර දැකිය හැකිය.

පෙතිකඩ චිත‍්‍ර, නමින් හඳුන්වන රෙදිවල චිත‍්‍ර ඇදීමද මහනුවර යුගයේදී දැකිය හැකිය. බණ දේශනාවකදී නිදර්ශන චිත‍්‍ර ලෙස මේවා භාවිතා කර ඇති අතර, ඇතැම් විට රෙද්දක ඇද බිත්තියේ අලවා ඇත. (උදා :- දෙගල්දොරුවේ මාර පරාජය* අවශ්‍ය විටකදී හකුලා තබාගත හැකි නිසා ධර්ම ප‍්‍රචාරයේදී වඩා පහසුවන්නට ඇත. මෙලෙසම රෙදිවල ඇඳි විවිධ කොඩි වර්ගද දැකිය හැකිය. පෙතිකඩ චිත‍්‍රවල බොහෝවිට ඇත්තේ බෞද්ධ සිදුවීම් වුවද, ඒ හැර දේව, ග‍්‍රහ, බලි රූපද ඇඳ තිබේ. පෙතිකඩ චිත‍්‍ර නිර්මාණයේ ප‍්‍රධාන පියවර හතරක් වන අතර, රෙදි සේදීම, කැඳ ආලේප කිරීම, රූප ඇදීම සහ රූප පාට කිරීම පිළිවෙලින් කරගනී.

චිත‍්‍ර දක්නට ලැබෙන ස්ථාන උඩරට දළදා මැදුර, දඹුල්ල, ගංඟාරාමය, මැදවල, දෙගල්දොරුව, රිදී විහාරය, පහතරට-මුල්කිරිගල, කතලූව, තෙල්වත්ත, කැළණිය ආදී ස්ථාන වඩා විශේෂ වේ.

ටැම්පිට පිළිමගේ (ටැම්පිට විහාරගේ) ටැම්පිට විහාරගේ යනුවෙන් හැඳින්වෙන්නේ ගල්කණු පිට දැව පාදමක් තබා ඒ මත ලෑලි අතුරුවා ඒ උඩ බිත්ති බැඳ සාදන පිළිම ගෙයකි.

මැදවල ටැම්පිට පිළිමගේ මහනුවර දිස්ති‍්‍රක්කයේ, හාරිස්පත්තුව මැදවල ගමේ පිහිටි මැදවල රජමහා විහාරයට අයත් මුලදී දෙමහල්ව තිබූ ටැම්පිට පිළිමෙගෙයකි. මෙම දෙමහල්පාය පසුව ජරාවට පත් වූ අතර මහනුවර රජකල කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු විසින් සත්රියන් ටැම්පිට පිළිමගෙයක් කරවූ බව කියවේ. මෙම පිළිම ගෙයට අයත් ගලින් කළ ගජසිංහ සහ කිබිසි ලියවැල සහිත ගල් පඩිද මේ වන විට විහාර භූමියේ ඇත.